එකොලොස්වන දිගහැරුම 🍁🍁🍁

260 44 28
                                    


දෙදෙනාට දෙදෙනා තුරුල් නොවුනත්.... වෙනතක සිට බලන අයෙක්ට ඔවුන් තුරුල් වී ඉන්නවා මෙන් පෙනෙන්නට විය..... ලෙහාන්ට නම් එය වෙනස් කිරීමට අවශ්‍ය නොවූ බව නම් කිවමනාය.... නමුත් අපේ පුංචි බොම්බේ.💣💣💥.... එයා නම් ඉන්නේ හිතත් එක්ක ලොකු කල්පනාවකය.....🤔🤔

""නෙහාර.....""

""හ්ම්ම්.... ඇයි....""

""මොකද සවුන්ඩ්ස් බැහැල🤔🤔.... සිතලටද🤭....""

පටලවාගෙන සිටි දෙඅත තම උකුලට ගත් ලෙහාන්.... තම දකුණතින් නෙහාරගේ සුරත යන්තම් පිරිමදින්නට විය......

""මාත් එක්ක ආවට ඔයා අකමැතෙන්ද ඉන්නේ.... හ්ම්ම්.... එහෙම නම් අපි යමු.... මට ඔයාට බලෙන් මුකුත් ඔයාගේ හිතට දාන්න ඕනේ නැ... අපි යමු.... එන්න...😒😒.""
යැයි පවසමින් ලෙහාන් ගල් බැංකුව මතින් නැගී සිටියේ ඉදිරියට අඩියක් තබමිනි....

නමුත් නෙහාර තවමත් ගල් බැංකුව මත වාඩි වූ ගමන්ය.... ලෙහාන්ගේ අත අත් නොහැරම..... දෑස දල්වා මුනත් දුක් කරගෙන ලෙහාන් දෙස බලන්නට විය... 😟😟

""ඔහොම බලන්න එපා බං.... ඔය අඬන මුණ හදා ගත්තම මට මාවම එපා වෙනවා කොල්ලෝ....😥😥""

ලෙහාන් මොනතරම් දේවල් කිව්වත් නෙහාර තවමත් නිහඩයි.....

""මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න ලෙහාන්....""🥺🥺

නෙහාරගේ වදන් හමුවේ මුනිවත රැකි ලෙහාන් නිහඬව ඉවත බලා ඉමක් නොපෙනෙන වැව දිහා මීදුම තුලින් බලමින් සියුම් අතීතාවර්ජනයක යෙදෙමින් දෙඇස වසා ගත්තේය.....

සය වසරකට පෙර... ලේහන්ගේ මහකයෙන්..😥😥

'ලෙහාන් සිටියේ මෙඩිකල් කොලේජ් එකේ දේශනයක් අතතුරයි..... එක් වරම දේශන ශාලාවට කොල්ලන් දෙදෙනෙකු කඩාවැදී ලෙක්චර ට මොන මොනවදෝ මුමුණා ඔහු අතට කොළ වගයක් දී එලියට දිවගියේය..... එතන සිටි එක් අයෙකු ගේ.... ගණ ඇහි බැමි යටින් පිහිටි සිහින් දිගැටි දෙඇස ළඟ ලෙහාන් අතරමංව හිඳී බව වැටහුනේ ටික වෙලාවකට පසුවය..... ඉන්පසු සෑම දිනකම ඒ දෑස ලුහුබැඳි බව ලෙහාන් ට හොඳ හැටි මතකය..... කොල්ලෙක් උනත් නෙහාර සමග වචනයක් හො කතා කරගැනීමට නොහැකිව තවත් ගෙවූ වසර තුනකට පසුව කන්වකේෂන්  දවසෙත් නෙහාරව මිස් වෙනකොට ලේහන්ගේ පුපුව අමුතු විදියට හිරිවැටි ගියේ නැවත ඔහුව දකින්නට නොලැබෙවියයි යන සිතුවිල්ල මුළු සිතම වසා සිටි හෙයිනි..... දෛවය නැවත ඔවුනට අවස්ථාවක් දුන් බව වැටහුනේ ලෙහාන් නුවර එලියට ආ පසුය......'

🍁සුව අරණ🍁Where stories live. Discover now