19

2.5K 420 162
                                    

"අයියෝ ඇයි ආවේ"

"මොනවද බලං ඉන්න ඕනෙ"

"ඉතින් ස්නෝපි පව් නේ...මට හරි දුකයි"

"එයා ආය ඒ ගුබ්බෑයමට යන්නෑ. මම දන්න ශොනාල්  නම් ඊලගට කෙලින්ම ගුබ්බෑයම පොලීසියට මාට්ටු කරනවා"

"ඒත්...ලමයාගෙ අයිතිය මාමාටනේ"

"පිස්සු කොල්ලා. එයා හදා ගත්ත ලමයෙක්. ඒත් නීතිමය අයිතියක්වත් නෑ. එහෙම ඇතත් නැතත්....දැන් ස්නෝපිට දහ අටයි. ඔයා ඕවා හිතන්න එපා. ඔයාට එයා ගැන දුකද?"

"ඔව් නැතුව. එයා කොච්චර දුක් විදලද"

"එතකොට එයා ඔයාට කරපු දේ"

"ඒක අමතක කරා. මම එක පාරයි. මම වෙනුවෙන් හොද දේහදාරී ඉලන්දාරි දෙන්නෙකුත් හිටියනේ. ඒත් එයාට කවුරුත් හිටියේ නෑ... එයාගෙ තරහා සැකකරයි...එයා පව්"

"දේහදාරී... අන්න හොදයි😅"

"අනික.... හීහී.... එක අතකට ගත්තොත් ස්නෝපි නිසා තමයි මට ආයෙම ඔයාව ලැබුනේ😏"

" අම්මෝහ්....මේ ගොං කොල්ලා.... යං යං අද දවසට මගේ මොලේ කොලොප්පන් උනා ඇති. ඔයා ඒක තව වැඩි කරන්න කලින් නිදා ගමු."

"පුහ්... හාහා යං ඉතින්.... මේ උස්සන් යන්නකෝ... දේහදාරියානේ🤣"

"ඇවිදං එනවා බූරු පැටියා😅"

****************

"කවුද කෝල් කරේ" මගේ නින්දට භාදා කල phone call එක ගැන මම උනන්දු වුනා... ඒත් මම තාම ඇස් වල කබ කඩනවා

"ශොනාල්"

"ඒ දෙන්නා ඊයෙ මොනවා කරාද දන්නෑ නේ....හීහී"

"ඊයෙ මොනවා කරාද නම් දන්නෑ... ඒත් අදනං ලොකු දෙයක් කරලා"

තීක්ශන අයියා ඊයෙ කියපු කතාව හැබෑ කරමින් පහුවදා අපි නැගිටින්නත් කලින්ම ශොනාල් අයියා ස්නෝපි වෙනුවෙන් එයාට කරන්න පුලුවන් ලොකුම දේ කරා. මෙච්චර කාලයක් ලැජ්ජාවට, බයට කට වහගෙන හිටි ස්නෝපිට නීතිය ඉදිරියේ කතා කරන්න ශොනාල් අයියා ශක්තියක් වුනා.

"අනේ ශෝයි... ඒත් ඉතින් සාක්ෂි තියනවද "

"මැට්ටා... ඒවට තාක්ශනේ තියනවා... ඒවා වැඩක් නෑ...මේ...අර ලමයිව ගෙවල්වල යවන්න ඕනෙ. අපේ සින්නො සෙට් එකවත් යවන්න ඕනෙ. නැත්තං යාපා අර ඉස්සරහා ඉන්න ගෑනු ලමයි ටික හිනස්සන මරයි"

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now