හත්වන කොටස

674 96 5
                                    


එදා පැය ගනනක් මෙච්චරකල් සිදුවූ සිදුවීම් මතක් වෙමින් කදුලු  පිස දැමූ මට එහෙන්මම නින්ද ගියේ  අඩලා තිබ්බ මහන්සියටත් එක්කමයි..
එදා මට ඇහැරෙනකොට රෑ 8 පහු වෙලා තිබ්බා . එතකොටම ආයෙ මතක් උනේ තිලිණ අයියාගේ තෑග්ග..
පැත්තක වැටිලා තිබ්බ watch එකත් .. ආදරෙයි කියලා ලියලා තිබ්බ කොල කෑල්ලත් අතට අරගත්තේ  මාව මනෝලෝකයකට ඇදගෙන යමිනුයි.. 
සර් මට ඇත්තටම ආදරේයිද .. මට අයියගෙ ඇස් දෙකෙන් දැනුන ආදරේ ඇත්තක්ද...
මම ඊයේ එයාට කෑම කවනකොට ඇස් පොඩි කරගෙන මගේ දිහා බලාගෙන හිටියේ ආදරේ කියන්නද, ..
වගේ විකාර අදහස් වලින් මගෙ හිත මාත් එක්කම  තර්ක කරත්තා ..

එතකොටම  තිලිණ අයියාගෙ බයික් එකේ සද්දේ ඇහුන ගමන් වොච් එකත් අතට අරන් දුවගෙන ගියේ ප්‍රශ්න ගොන්නකට උත්තර  බලාපොරොත්තුවෙනි ..

අයියේ .. කොහොමද

අහ් .  පැතුම් අපේ Birthday බොයි.. හෙන සතුටෙන් නේද ඉන්නෙ.. 😏

අයියේ ?? මොකද මේ අමුතු විදියට කතා කරන්නෙ...

කව්ද  මේ මම ..
තිලිණ අයියා බයික් එකෙන් බැස්සෙ හරියට  කෙලින්වත්  ඇවිදගන්න බැරුවයි..

අයියේ ඔයා බීලා????..

නැ ..🤫🥴

නෑ නෙවෙයි ඔව් .. මේ බලනවා ඇවිදගන්නවත් බෑ..😡අනික බූරුවෝ බීලා බයික් එකේ එනවාද ..

😏🥴 මන් මැරුනත් මොකද .. එකෙක් ආදරේයි කියලා හිතන් හිටියා .. අන්තිමට  ඌ ..
...  උබට ඕන්නෑ උබ පලයන් ගේ ඇතුලට ...

ඔයාට කෙලින්වත් ඇවිදින්න බෑ..එන්න ..

තමුසෙ ගෙදරට යනවා.. තමුසෙ තමා ඔක්කොටම මුල..

මේ මම ඇයි සුදු අයියේ  මට එහෙම කියන්නෙ මම අයියාට කරපු වරද මොකක්ද ..

කරපු වරදද... ඕනිනෑ .  උබට ඕනි නෑ... උබ පලයන් මෙතනින් ..

හරි හරි ගේ ඇතුලට යමුකෝ
බලෙන්ම අයියාව එක්කරගෙන ඇවිත්  එයාගෙ ඇද උඩින් ඉන්දෙව්වේ එයාගේ අකමැත්ත පිටයි...

අයියේ .. නිදාගන්න 

නිදාගන්න ?? .. ඇයි මට උබ මෙහෙම කලේ.... ඇයි උබ මෙහෙම ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ ......
කියාගෙන අයියා ඉකි ගසමින් අඩන්න උනා...

නාද |Nada|Where stories live. Discover now