නව වන කොටස

575 90 1
                                    

පැතුම් ... අනෙ පැතුම් නැගිටින්න ..
අනෙ .... උදව් කරන්න .. පැතුම් ....

සෙනුරි  ඔයා හොදින්ද..
මම සෙනුරි දිහ බලනවාත් සමගම  මගෙ ඇස්  අදුරු වී ගියෙ  මුලු ඇගම හිරිවට්ටමිනි..

........................................................................................................................

පැතුම් ....

මගෙ ඇස් ඇරෙද්දීම මට පෙනුනේ ඇදට ඔලුව තියාගෙන ඉන්න වෙනුරයි ..

පැතුම් ... බොක්ක අව්ලක් නෑ නේද ...

ම්ම්ම්.

සොරි මචං .. මම හින්දයි   ඔක්කොම ..

ඒකට කමක් නෑ බන් ....
වෙනුර .... අනෙ මගෙ සෙනුරි කෝ....
අනෙ වෙනුර ... කෝ සෙනුරි එයා හොදින් නේද ..

ම්ම් බය වෙන්න් එපා එයාට හීරීමක්වත් නැ උබ ආපු පැත්තයි car එකේ වැදිලා තිබ්බේ..

අනෙ බන් මට සෙනුරිව බලන්න ඕන..

ඒකිව ගෙදර යැව්වා... උබට ලේ දුන්නාට පස්සෙ  ටිකක් කැරකිල්ල වගෙ කිව්වා .. ඊටපස්සෙ මම ගෙදර ගිහින් දැම්මා..

ලේ  දුන්නා??

හ්ම්ම්.. accident එකෙන් උබෙ ලෙ ගොඩාක් ගිහින් තිබ්බා.. උබෙ ලේ වර්ගෙත් තිබිලානෑ hospital එකේ . අපි hospital එකට එනකොටත් සෙනුරි ලේ දීලා ...

තිලිණ අයියා ??..

එයා හිටියා.. ගොඩාක් අප්සට් ගිහින් හිටියෙ දැන් කොහෙ  ගිහින් ද දන්නෑ

Mr.pathum ට කතා කර කර කරදර කරන්න එපා . එයාට rest එක ඕන . Mr.wenura එලියෙන් ඉන්න
එතනට පැමිනි නර්ස් කෙනෙක් පැවසූයේ තර්ජනාත්මක ස්වරූපයෙනි..

මචං මම එලියෙන් ඉන්නම්..  ඕන දෙයක් තියෙනවා නම් කියපන්...

ම්ම්ම්...
වෙනුර ගියපසු නැවතත් මාව තද නින්දකට වැටුනේ මටත් නොදැනීමයි ..

ඊට දවස් දෙකකට පස්සෙ මගෙ ටිකට් කැපුවත් සෙනුරිවත්, තිලිණ අයියාවවත් මට දකින්න හම්බු වුනේ නෑ..

වෙනුර  කව්ද බන් හැමදාම අර තඩි චොකලට් බොක්ස් එක තියලා යන්නෙ..

අනෙ මන්දා බන් .. මමත් දැක්කෙ නෑ  කවුරු  ආවාද කියලා ..

තිලිණ අයියාවත් ආවෙ නෑ නේද බන් මාව බලන්න ..

නාද |Nada|Where stories live. Discover now