Chapter 3

1K 184 164
                                    

මං මෙහෙට ඇවිල්ලා සතියක් දැනටමත්. මං ටේට හොරාට මගේ අර කාලය හරහා ආව වොච් එක හෙව්වත් ඒක හොයාගන්න බැරි උනා.

මින් සනා කියන විදියට එයාලා මේ සතියෙ බදින්න ඉදලා තියෙන්නේ. මං ආව නිසා තමයි වෙඩින් එක නතර වෙලා තියෙන්නේ.

සනා ඇත්තටම ටේට ආදරෙයි. ඒත් ඉතින් මේ ගොබ්බයට පින නෑ ඒ වගේ කුමාරිකාවක් බදින්න.

මෝඩයා හිකනලා. පව් ඒ කෙල්ලා. හ්ම්ම්ම්ම්ම්ම්. මොන මගුලකට මාව මේකට ඇදලා ගත්තද මන්දා .

මව්බිසවයි , යුන්ගි ඔප්පායි , සනායි ඔය හැමතිස්සෙම වටේ කැරකෙන සේවිකාවොයි ඉස්සරහා ටේගේ ආදරවන්තිය වගේ රගපාන එක මට එපා වෙලා. මං මේ විදියට මගේ කාලේ රගපෑවා නම් ඔක්කොම නලු නිලියෝ පරාදයි. ඔස්කා සම්මානෙත් මගේ .

යුන්ගි ඔප්පා හිතුව තරම් නරක නෑ. එයා ටිකක් නපුරුයි තමා . ඒත් හොදයි.

එතකොට පිටසක්වල කුමාරයාගේ ඇත්ත නම් ටේහ්‍යුන්ග්. නම වගෙමයි මූනත් පිටසක්වලයි. මං ඉතින් ඔය දිවටැපලෙන නම් කියන්න බැරි නිසා ටේ කියලා කියනවා.

ඒක ලේසියි පහසුයි.

අද රෑට අපි දෙන්න හොර ගමනක් යන්න හදන්නේ. මායි ටේයි. අද රාජධානියේ කානිවල් එකක් තියෙනවාලු. අපේ කාලේ කානිවල් වලට ගිහිල්ලා තිබ්බට මට මේ කාලේ එකකට යන්න බැරි උනා නේ.

මං මගේ බොරු කදුලු වලින් පොඩි උත්සාහයක් ගත්තා විතරයි ටේ කැමති උනා .

  අදුරගන්න බැරි විදියේ සාමාන්‍ය හන්බොක් එකක් ඇදන් මං ඇද උඩ වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද හිටියේ ටේයියා එනකන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  අදුරගන්න බැරි විදියේ සාමාන්‍ය හන්බොක් එකක් ඇදන් මං ඇද උඩ වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද හිටියේ ටේයියා එනකන්.

මේ මනුස්සයා පැයකට වැඩී ඕක ඇතුලේ ගිහිල්ලා. රෙදි අදිනවද රෙදි හදනවද මන්දා ?

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now