Chapter 4

956 180 83
                                    

යාහ් මන් කිව්වා එපා කියලා. මේ බූත වහන්සේ බීලා ඉවර වෙලා කෝප්පේ එක්ක කියවනවා.

මෙතන දාල ගිහිල්ලත් බෑ. ඒත් මං කොහොමද මේ මනුස්සයව උස්සන් යන්නේ. ඔම්මා ........................

ඇයි දෙවියනේ මට මෙහෙම දඩුවම් දෙන්නේ. දැන් පාත්තයව හොයන්නේ මොන ලෝකෙන්ද ?

පාත්තයාආආආආආආආආආආආ

කල කල දේ පල පල දේ කියලා එකක් තියෙනවා නේ ටේ. එදාට බලාගමු.

මං අමාරුවෙන් ටේව මගේ ඇගට හේත්තු කරගෙන නැගිට්ටව ගත්තා.

හරි අපි දැන් පලවෙනි පියවර තියමු.

එකයි දෙකයි තුනයි.

පලවෙනි එක කිව්වට තුනක්ම තිබ්බා.

"බිමට වැටෙන්න බෑ. හොද ලමයා වගේ ඔහොම යන්.නැත්තන් දාලා යනවා "

" ටේ වැටෙන්නෙ දාලා යන්න අපා. 😥"

ටේ නිකන් අඩන්න වගේ කිව්වා. මේ මනුස්සයා බීලා වැඩියි වගේ.

අමාරුවෙන් අඩිය අඩිය තිය තිය මම නිකන් කොරවක්කා වගේ ටේවත් ඇදන් තාප්පේ ලගට යන පාර ලගටම ආවා.

" තව නම් බෑ ඔතනින් වාඩි වෙන්න "

මං ටේට එහෙම කියලා එයාවත් ගහක් යටින් වාඩි කරලා මාත් වාඩි උනා.

ටිකකින් ටේ මගේ උකුලෙන් ඔලුව තියාගත්තා.

හහ් එයාට නම් සැප කනේ මම එපැයි උස්සන් යන්න. හෙට උදේට බලාගමු කිම් ටේහ්‍යුන්ග්. 😒😒😒😒

වදකාරයා.

" ටේනූඌඌඌඌඌඌඋ "

"මොකද වදේ. කෑගහන්න එපා. 😒 "

" ඔයා දන්නවද ? "

" මොකක්ද 😒 දැනගන්න කියලා එපැයි"

" අර අතන පේන ලොකුම ලොකු තරුව"

ටේ මට එහෙම කරලා පෙන්නුවේ අඩ සද ළඟින් පායලා තිබ්බ ලොකු දිලිසෙන තරුවක්.

" ඒක චන්ද්‍රිකාවක් 😒 "

" ඒ මොනාද ඒ 🙄🙄🙄 "

ආයිශ් ඒත් චන්ද්‍රිකා කොහෙද මේ කාලේ.

" ඔයා කියන්නේ නෑ නේ. ඒ ඉන්නේ මගේ අප්පා "

ටේ ලස්සනට හිනා වෙලා කිව්වම මං ටේගේ මුන දිහා බැලුවා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now