Chapter 9

929 189 94
                                    

Taenu pov

එකපාර දොර් ඇරන් ආවේ ටේ. එයා එකපර ඇවිල්ලා මාව හයියෙන් බදාගත්තේ මගෙ ඇගේ ඇටකටු ටික කුඩුවෙලා යන්න වගේ දැනෙද්දී.

යාහ් එක්කෝ මේ මනුස්සයා ඇත්තටම පිටසක්වලයෙක් නැත්තන් ඒත් පිටසක්වලයෙක්.

මං දගලලා දගලලාත් ටේ මාව අතෑරියේ
නැති නිසා මං එහෙමම හිටියේ කීයට හරි ටේ මාව අතාරිනකන්. කලින් අඩපුවයි හොටුයි කදුලුයි මං ටේගේ ඇදුමෙම පිහිදැම්මා.

ටික වෙලාවකින් මාව අතෑරිය ටේ මගෙ උරහිසෙන් හයියෙන් අල්ලන් මගේ මූනට එබුනා

රිදෙනවා බූරුවෝ කියලා කියන්න ඕන උනත් මං කටවහන් හිටියේ ටේ දැන් ඉන්නේ කේන්තියෙන් කියලා තේරුනු නිසා.

මං බිම බලන් ඉන්නකොට ටේ මගේ මූන උඩට ඉස්සුවා.

හත්තික්කේ කෝ මෙතන හිටිය හරබොජි. එතකොට දොර ගාව හිටිය නම්ජූන් ඔප්පා.

කාමරේ මොකෙක්වත් නෑ. මායි මේ ගොබ්බ කුමාරයයි විතරයි.

"මොනා හරි නැති කරගත්තද ? "

ටේ එහෙම කියලා එයාගේ අතේ තිබ්බ මොකක්ද් හරි මගේ ගවුමේ ගැහුව. ආහ් මගේ පලදනාව ඒක නිසා තමයි එහෙනම් මාව හොයන් තියෙන්නෙ.

" කිම් ටේනූ මොනවා හරි කියන්න තියෙනවද ? "

ටේ මගේ දිහ බලාගෙන රවගෙන වගෙ අහනකොට මං හොද හුස්මක් ගත්තේ මේක මෙතනින් ඉවර කරනවා කියලා හිතාගෙන.

" අහන්න ටේහ්‍යුන්ග් කුමරුනි. "

මං ටෙගේ සම්පූර්න නම කියලා කුමාරයා කියලා කතා කරපු එකට එයා ඇස් ලොකු උනා.

ඔව් ඉතින් කුමාරයා කියලා එහෙම සැලකිල්ලත් තිබ්බෙ නෑනේ මගේ හිකිස්.

" මේකයි මේ කුමරුනි මං ගෙදර යන්න ඕන "

මං එහෙම කිව්වම ටේ හයියෙන් හින උනා.

" ඉතින් ගෙදර යා යුතු බව පවස නිවසින් පැන යා යුතුද ? "

මේ අවලන් ගොන් බස්සට තේරෙන්නේ නැති හැටි. එයාගේ ගෙදර මාලිගාව උනා කියලා මගෙ ගෙදර මාලිගාව වෙන්න ඕන නෑනේ. 😒

" අහන්න මිස්ටර් කිම් ටේහ්‍යුන්ග් මට ගෙදර යන්න ඕන. මගෙ  ගෙදර "

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now