Chapter 17 ( Last Chapter )

1K 208 192
                                    

එතන හිටියේ එයා. හීනෙන් මාව හැමදාම අඩවපු ඒ මෝඩ කුමාරයා.

කිම් ටේහ්‍යුන්ග් !!!!!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහ්‍යුන්ග් !!!!!!!!

මං හිමීට ඉදගෙන හිටිය බෙන්ච් එකෙන් නැගිටලා සම්පූර්ණයෙන්ම පිටිපස්ස හැරුනා.

" ටේ !!!!!!!! "

මං එහෙම ඇහුවත් එයාගේ ඇස් හිබ්බේ මගේ අතේ හිටිය ටැනීට.

" ටැනී ඔයාගෙද ? "

මං හනකොට මගේ හීනේ ටේ ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බැලුවා.

" අනියෝ ටැනී කියන්නේ මම දැම්ම නම නේ. මං කිව්වේ යොන්ටෑන් ඔයාගෙද ? "

මං එහෙම අහනකොටත් ඒ මනුස්සයා කරේ මගේ දිහා බලන් හිටිය එක විතරයි.

මේ මනුස්සයා ගොලුයිද ??? මං හීනෙන් දැක්ක විදියට නම් ගොලු නෑනේ.

" හායි ඔයාට මාව ඇහෙනවද ?. අහ්ම්ම්ම් මං මෙහෙම අහනවට තරහ වෙන්න එපා. මං ඔයාව දන්නවද ? "

මං එහෙම අහනකොට ඒ මනුස්සයා මගේ දිහා පිස්සෙක් දිහා බලනවා වගේ බලලා මගේ අතෙ හිටිය ටැනීව ගත්තා.

මොකද කියලා දන්නේ නෑ එකපාරම මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා. මං දන්නේ නෑ ඇයි කියලා. ඒත් මට හිතෙනවා මං කරපු දෙයක් නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා.

මං ඉක්මනට අනිත් පැත්ත හැරිලා ඉස්සරහට ඇවිදන් ගියේ හිතේ අමුතු මූසල බවක් පිරිලා යනකොට.

එකපාරම ඇහිච්ච හෝන් සද්දයක් නිසාමන් පාර දිහා බලනකොට දැක්කේ මගේ පැත්තට වේගෙන් එන ට්‍රක් එකක්. මට හෙලවෙන්නවත් බැරි වෙලා යනකොට එකපාර අතකින් මාව ඇදලා ගත්තා.

මං හිමීට ඇස් ඇරලා බලනකොට දැක්කේ අර හීනෙන් මාත් එක්ක හ්ටිය ටේ මාව අල්ලගෙන ඉන්නවා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now