Chapter 13

809 174 59
                                    

මං කට වහන්ම හිටියේ ටේට කතා කරන්න ඕන කියලා කිව්ව නිසා.

ඒත් ටේ එකපාරටම මගේ උරහිසෙන් නිකට තියාගන්න්කොට මං ගැස්සිලා ගියා.

" අහන්න ඇත්තටම ඇයි මං මෙච්චර කල් බොරුවක් කලේ "

ටේ හිමීට කියනකොට මං බැලුවේ මේ මනුස්සයාගේ ඔලුවවත් කොහේවත් වැදිලද කියලා.

ඇයි යකෝ එයා බොරු කියන ඒවා ගැන මම කියන්න මම සාත්තර කාරයෙක්ද ?

" මං මේ දේවල් ඇත්තටමයි කියන්නෙ ටේනූ මං මං ගොඩක් කාලෙක ඉදන් හන්ගන් හිටියේ "

ටේ කියන දේ හරියට තේරුම් ගන්න බැරි උනත් මං අහගෙන හිටියා. ඔය හන්ගන් ඉන්න එක එලියට ගත්තා නම් ප්‍රශ්නේ ඉවරයි නේ.

" මම ඔයාට............................ "

ටේ එයා හන්ගන් ඉන්න එක මොකක්ද කියලා කියන්න යනකොටම එකපාර දොර ඇරගෙන සේවිකාවක් කසාය අරන් ආවා.

" සමාවෙන්න කුමරුනි "

සේවිකාව කසායත් තියාගෙන දෙකට තුනට නැවෙනකොට ටේ මගෙන් ඈත් වෙලා සේවිකාවට රවනවා මං යාන්තමට දැක්කා.

සේවිකාව ලගට ගිහිල්ලා ඒකට කමක් නෑ කිව්ව මම් කසාය එකත් අරන් ඇද උඩට ආවා.

ඇඩුවා නම් කසාය බීපන් ටෙනුවෝ කිව්වලු.

මං ඒක හිමීට නහයට ලන් කරපු ගමන් පැත්තකින් තිබ්බා.

ඔහ් ශික් ඒකෙන් ආව ගද. ඕකට ගොම දියකරලද ?

" ඇයි ටේනු ?? "

" ඒක බොන්න බැරියෝ "

මං එහෙම කියන ගමන් නහය ළඟින් ඒක අයින් කරා.

" ඈයියාආආආආආආආආආආආආආ "

" කෑගහන්නේ මොකද දැන් "

ටේ අහනකොට මං කතා නොකරම ඒක ටේගේ මූන ලගට ලන් කරා.

එයා කිසිම හැගීමක් මූනෙන් පෙන්නන්නේ නැතුව ඒකේ සුවද බැලුවා. එයාට ගද සුවද දැනෙන්නේ නැද්ද. නහය කුනු වෙලාද ආහ්.

" මොකද ටේනූ මේකේ ප්‍රශ්නයක් නෑ මේක බොන්න "

ටේ ඒක ආයෙමත් මගේ දිහාට දික් කරනකොට මං ඇද උඩට පැනලා මූන කොට්ටෙක හන්ගගත්තා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now