Chapter 10

898 178 67
                                    

Taenu pov

ටේ එකපාර මාව ඇද උඩට අතෑරල මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හති අරින්න ගත්තා.

හිකිස් හොද වැඩේ ඕම තමා වෙන්න ඕන. මං හිනා වෙවී ඉන්නකොට ටේ එකපාර මගේ මූනට නැවෙන්න ගත්ත හින්දා මං මූන එහාට ගන්නකොටම වගේ දොර ඇරන් මව්බිසව කුටියට ආවා.

එයා දැක්කම මට බය හිතුනා. එයා එදා රෑ මට නොකියා තර්ජනය කලා මෙහෙන් යන්න කියලා. ඉතින් මාව මරයිද ? මේ හැලප කුමාරයටත් මාව එක්කන්ම එන්න ඕන උනාගේ.

මං ටේගේ ඇදුමේ කොනකින් අල්ලගත්තේ මට බය හිතුනු නිසා. මේ මනුස්සයා මට වඩා බය වෙලානේ. කකුලට පාරක් දෙන්න හිතුනත් මං නිකන් හිටියේ මව්බිසව දකී කියලා හිතලා.

එයා එකපාර මගෙ අත ටේගේ ඇදුමෙන් අයින් කරලා මට බැනගෙන බැනගෙන ගියා. එයා කියන දේවල් වලින් මට හරියටම තේරුනේ එයා කිව්ව සමාන්තර ලෝක කතාවයි ශාපේ කතාවයි බොරු කියන එක විතරයි.

මට ඒකට කෑගගහා කුටිය වටේ නටන්න හිතුනා. ඒ ඇයි කියලා දන්නේ නෑ හැබැයි ඉතිම් මට සතුටුයි.

ඒත් මව්බිසව හැදුවේ මාව හිරකරලා ටේව සනාට බන්දලා දෙන්න. ඇයි ඒම අප්පා. එක්කෝ කමක් නෑ මං කොහොම්ත් යන එක නේ 😔

ටේ මං වෙනුවෙන් කතා කරනවා. මං ඔහේ බලන් ඉන්නවා. හැබැයි එයා අන්තිමට කිව්ව වචන ටික නිසා මං ඉදන් හිටිය තැනින් නැගිට්ටා.

" මං විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ ටේනූ එක්කම විතරයි "

ටේ එහෙම කියනකොට මං ඇදෙන් නැගිටලා ටේ දිහා රවලා බැලුවේ මේ මනුස්සයා අද උදේට කෑවේ මොනාද කියලා හිතන ගමන්.

යකෝ එහෙම කාටවත් ඕන ඕන විදියට මාව බදින්න පුලුවන්ද ? මම විරුද්දයි. පොඩ්ඩක් සොමෑන්ටික් විදියට ඕක කිව්වා නම් හා කියනවා.

ටේ කිව්ව එක නිසා මව්බිසව ළඟ තිබ්බ වාස් එකකුත් පොලොවෙ ගහගෙන යන්න ගියා.

හිකිස් නම්ජූන් ඔප්පාගේ පවර්ස් මව්බිසවටත් ඇවිල්ලා.

මං මව්බිසව ගිය ගමන් අත් දෙකත් බැඳගෙන ටේ දිහා රවලා බැලුවා.

" මොකද රවන්නේ ? "

ටේ ඇහිබැමක් උස්සලා අහනකොට මට හිතුනෙම ටේගේ ඔලුව අල්ලලා ගොම ගොඩක ඔබන්න.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now