Chapter 15

766 173 81
                                    

Flashback

නම්ජූන් හිටියේ තමන්ගේ බිරිද මොනීට මල් කලබක් ගන්න බැරි උන නිසා උද්‍යානයෙන් වත් මල් ටිකක් කඩා ගන්න එන ගමන්.

මල් කඩ කඩ හිටිය නම්ජූන් දැක්කේ ඒ පැත්තහට දුවගෙන වගේ ඇවිල්ලා බිමින් දනගහගන්න ටේනුව.

කුමාරයාගේ වගේම ටේනූගේ ආරක්ශාවත් තිබ්බේ නම්ජූන්ගේ අතේ

නම්ජූන් ඒ පැත්තට දුවනකොටම දැක්කේ ටේනූගේ ඔලුවට පිටිපස්සෙන් පහර දුන්න කලු ඇදගත්ත සෙබලෙක්ව.

නම්ජූන් ඒ සැනින් තමන්ගේ ගින්නෙන් පිලිස්සෙන කඩුව අරගෙන ඒ සෙබලාව දෙකට කරා. තවත් ඒ වගේම සෙබළු තිහක් එක්ක විතර සටන් කරපු නම්ජූන් දෙන්නෙක්ව ඉතුරු කරේ ප්‍රශ්න කරන්න.

නම්ජූන්ගේ සෙබළු ඇවිල්ලා ඒ දෙන්නව වදකාගාරෙට අරන් යනකොට නම්ජූන් ඉක්මනනින්ම ටේනුව වෙදදුරු ලගට අරන් ගියා.

වෙදදුරු ටේනුව පරීක්ශා කරත් වෙදදුරුගේ මූනේ ඇදුනේ ඒ තරම් හොද පෙනුමක් නෙමේ.

" ඇයට යන්න කාලය ඇවිල්ලා "

වෙදදුරු එහෙම කියනකොට නම්ජූන් වෙදදුරු දිහා බලන් හිටියේ ඒ කියපු දේ තේරුම් ගන්න බැරුව.

වෙදදුරු එක්ක ටෙනුව තනි කරපු නම්ජූන් ඉක්මනින්ම කුමාරයා ගාවට යන්න ගියේ තමන් දැනගත්ත තොරතුරු නිසා.

කුටියේ දොර ලගින් ඇහුනු කතාව නිසා නම්ජූන්ගේ අත් තරහටම මිට මෙලවුනා. තමන්ගේ පියාගේ මරනයටත් හේතුව  මින් ජියා බිසව කියලා තේරුම් ගත්ත නම්ජූන් ඉක්මනින්ම ඇතුලට ගිහිල්ලා බිසවව වගේම අර සෙබලුන්ගෙන් දැනගත්ත තොරතුරු වලට අනුව මින් සනා කුමරියවත් අත්තඩන්ගුවට ගත්තා.

කුමාරයාගේ ප්‍රශ්නේ ඉස්සරහා නම්ජූන් ගොලු උනේ වෙදදුරු කිව්ව දේ කුමාරයට කියන්න නම්ජූන්ට බැරි නිසා.

" නම්ජූන් මං ඔබෙන් ප්‍රශ්නය විමසුවේ ටේනූ කොහේද ? "

ටේහ්‍යුන්ග් කුමාරයා එහෙම අහනකොට නම්ජුන් වචනයක්වත් නොකියා කුමාරයාව එක්කන් ගියේ වෙදදුරු ගාවට.

යන්නේ වෛද්‍යවරයා ගාවට කියලා දැක්කම ටේනූ හොදින් කියල හිතුනත් වෙදදුරු ලගට යන්නේ එයාට අමාරු නිසාද කියලා ටේ කුමාරයා බය උනා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now