Don't Leave Me
Pt : 1" Group of the year award goes to ........... Bangtansonyondan ..... chukahamnidha ...!!! "
" මාම් , ආ යූ සී දැත් ...? යේ යේ එයාලා වින් තලා .... අපෙ සින්දු තියන ඒන්දල් ලත්තනට හිලා වෙලවා යූන් .... කිම් නැම්දූන් ! කිම් සොත් දීන් !! මින් යුන් දී !!! දන් හෝ සොත් !!!! පාර්ත් දිමින් !!!!! කිම් තේ යුන් !!!!!! දන් දන්ගුක් !!!!!! ආ අම් මාම් වත්ස් දැත් වර්ද් ...? ආ චුකාහේ ....!!! ඈම් අයි කලෙක්ට් මාම් ....? "
මං ඇස් වල කඳුළු පුරවන් මගෙ පණ ගැහෙන මැණික් කැටදෙක දිහා බලන් ඔළුව වැනුවෙ කියා ගන්න බැරි දාහක් දේවල් හිතේ පොර කද්දි .... දෙන්නම අත් දෙක අල්ලන් tv එකේ ස්ක්රීන් එක ළඟට ගිහින් බදාගෙන .... මට එයාල දෙන්නා ළඟට යන්න ඕනි වුණත් කකුල් පණ නෑ වගේ ....
,,, මියානෙ මැණික .... මේ ඔම්මට සමාව දෙනවා නේද රත්තරනේ ....? ,,,
මං අවුරුදු තුනහමාරක් වුණ මගේ චූටි රෝස මල් දෙක දිහා බලන් හිතුවෙ ඒක කටින් කියන්න හයියක් නැති නිසා .... එයාලට කවදා හරි මේ දේ කියන්න වෙයි .... එදාට මගෙ රෝස මල් මේ ඔම්මට වෛර කරයිද කියන්න දන්නෑ ....
ඒ දවස මට ලොකු වේදනාවක් වෙන දවසක් වෙයිද ...? මාව එයාලා තේරුම් ගනියිද ...? නැත්තම් හැමදාම මගෙ මැණික් කැට දෙක එයාලගෙ අප්පව සින්දු කියන ඒන්ජල් විදිහටම විතරක් දැනන් ඉඳියිද කියන්න මම දන්නෑ .... ඒත් මං දන්නවා මං කරන්නෙ වරදක් .... මගේ දූ පැටියගෙනුයි පුතු පැටියගෙනුයි එයාලගෙ අප්පව ඈත් කළා ....
ඒක පොඩි කාලයක් නෙවෙයි .... අවුරුදු හතරක් වෙන්න ළඟයි .... ඒත් අවුරුදු හතරකට කලින් මම ගත්ත තීරණේ ගැන මට පසුතැවීමක් නෑ .... පුංචි දුකක් තියෙන්නෙ මගෙ පැටව් දෙන්නට එයාලගෙ අප්පව ඕනි තැන් වලදි අසරණ වෙන එක ගැන .... ඒත් මං මෙහෙම නොකළ නම් එයාලගෙ අප්පා අසරණ වෙන්න තිබුණා .... හැමදේම සිද්ද වුණේ අහම්බෙන් .... ඒ වගකීම එයාට පටවලා එයාගෙ අනාගතේ විනාශ කරන්න මං කොහොම හිතන්නද ...? ඒ නිසයි අද මට පසුතැවීමක් නැත්තෙ ....
මං දැන් ඉන්න තැනත් එක්ක මගෙ පැටව්න්ට වෙන ප්රශ්න එන්නෙ නෑ කාගෙන්වත් .... හැ...බැයි , හැබැයි එයාලට අප්ප කෙනෙක්ගෙන් ලැබෙන සෙනෙහස ආදරය මට දෙන්න බෑ කියලා වෙලාවකට හිතෙනවා .... මං දැන් අසරණ වෙන එකම තැන ඒ .... මං දන්නවා එයාලට අප්පගෙ ආදරේ ඕනි .... ඒත් අවුරුදු හතරකට පස්සෙ ඒක කරන්න කොහොමවත් බෑ .... හරවන්න බැරි තරමට කාලය ගෙවිලා ගිහිල්ලා ....
![](https://img.wattpad.com/cover/285215524-288-k753898.jpg)
YOU ARE READING
Don't Leave Me || Completed
FanfictionDear , Please , don't leave me .. I will crying in my heart until you return .. You don't understand how much its hurts when you leave .. Its like peice of my soul has vanished away .. So please .. just don't , don't leave me like this ..