Pt : 3

133 40 6
                                    

Don't Leave Me
Pt : 3


" මැනේජර් කිම් , මොකද හිතන්නෙ අද මේ අයගෙ ප්‍රොජෙක්ට්ස් ගැන ...? "

චෙයර්මන් බර්නාඩ් ඇහුවෙ මං දිහා බලලා .... මේක සාමාන්‍ය දෙයක් .... ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න තිස් දෙනාගෙ විතරක් නෙවෙයි මෙන් මැනේජ්මන්ට් බෝර්ඩ් එකේ ඉන්න දහ දෙනාගෙත් අදහස් චෙයර්මන් හැම බෝර්ඩ් මීටින් එකකදිම ගන්නවා .... ඒක බොහෝ දුරට කම්පැනි එකේ සාර්ථකත්වයට බලපානවා .... අද මෙතනට අඩු අන්තිම බෝර්ඩ් මීටින් එකේ හිටපු අයගෙන් එකම එක්කෙනෙක් විතරයි ....  ඒ , එයා මේ වෙනකොටත් රිටයර් වෙලා නිසා ....

" තෑන්ක්‍යූ සර් .... මගේ අදහස නම් ප්‍රොජෙක්ට්ස් ඔක්කොම සාර්ථක වුණත් ගෲප් ෆයිව් එකේ ඔප්ෂන් එක තමයි බෙස්ට්ම .... මොකද දැන් අපේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් ඩිවලොප් කර ගන්න වෙනවා .... නෝමලි තිබුණ බ්‍රෑන්ඩ්ස් දැන් උඩට ඇවිත් .... තාමත් ඉස්සරහින් හිටියත් අපිට ඒක වැඩි කාලයක් කරන්න බැරි වෙයි .... "

මම කිව්වෙ මගෙ අදහස .... ක්ලෝතින්ග් , වොචර්ස් & ජුවලරි , ෆර්ෆියුම් & කොස්මැටික්ස් ....... වගේ තව ගොඩක් ප්‍රඩක්ස් වල විවිධ බ්‍රෑන්ඩ්ස් වල එකතුවක් LVMH කියන්නෙ .... ඒත් අපිට පැරිස් වල තරඟයක් නෑ .... ලෝක වෙළඳපොළ එක්කයි තරඟය තියෙන්නෙ  .... මේ විදිහට තව ගියොත් ඒක ලොකු ගැටළුවක් වෙනවා ....

" මමත් මැනේජර් කිම්ගෙ අදහසට එකඟයි .... අපි තව ටිකක් අපේ ප්‍රමෝෂන්ස් වැඩි කරන්න ඕනි .... මං හිතන්නෙ අපි ප්‍රමෝටින් ටීම් එකට මේක භාර දුන්නා නම් හරි .... "

ඒ Chief Director ජූලී කැවිල් .... ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ ඉන්න බුද්ධිමත්ම කෙනා .... අපේ අදහස් කොච්චර තිබුණත් චෙයර්මන් ඒ හැමදේම මිසිස් ජූලි එක්ක කතා කරනවා .... ඇත්තටම ඒක සාර්ථක වෙනවා .... මගේ අදහසට සාකච්ඡාවකින් තොරව එයා එකඟ වුණ එක මට ලොකු ගෞරවයක් වගේ .... මොකද එයා ලේසියෙන් එහෙම නොකරන නිසා ....

" ඔව් , මෙතන අපේ බ්‍රෑන්ඩ්ස් වල පොපියුලරිටි එක අඩු වෙලා තියෙනවා .... ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දෙ තිබුණට වැඩිය ලොව් වෙලා .... ප්‍රොමෝටින් ටීම් එකේ ඩිරෙක්ටර් ඔලිවියා නැති එකත් ප්‍රශ්නයක් හැබැයි ...."

Don't Leave Me || Completed Where stories live. Discover now