Pt : 5

137 37 6
                                    

Don't Leave Me
Pt : 5


උදේ අටට පැරිස් එයාපෝර්ට් එකෙන් පිටත් වෙලා පැය දහයක ගමනින් පස්සෙ අපි ඉන්චොන් එයාපෝර්ට් එකෙන් කම්පැනි එකෙන් ඇරේන්ජ් කරලා තිබුණ වෑන් එකට ආවෙ කොරියාවෙ වෙලාවෙන් පාන්දර එකොළහයි විස්සට විතර ....

අඳුරු පරිසරයෙ තැනින් තැන ලයිට්ස් වලින් ලස්සන වෙලා තිබුණ ගොඩනැඟිලි පහු කරන් අපි JJ හොටෙල් එකට යන්න පිටත් වුණා ....

මේරි ඉස්සරහ සීට් එකක ඉඳගෙන යද්දී මම ශිනී එක්ක එක සීට් එකක වාඩි වුණා .... JM ශිනීගෙ තුරුළෙ නිදාගෙන ඉන්නෙ ගමන් මහන්සියට .... යූන් මගෙ තුරුලෙ ඉන්නෙ අඩ නින්දෙ .... ෆ්ලයිට් එකේ එද්දි දෙන්නම නිදි නෑ .... කියව කියව ආවෙ එතන හිටපු මිනිස්සු එක්කත් යාළු වෙලා ....

" ඌ.... ඔම්මා තීතයි ...."

යූන් තවත් මට තුරුල් වෙලා කිව්වෙ නිදි මතේමයි .... මට එහා පැත්තෙ ඉන්න ශිනී යන්නෙ JM වත් තුරුල් කරන් ශටර් එකෙන් එළිය බලාගෙන ....

" කෝ ඉන්න .... බාබා ශටර් එක වහන්න .... ටික දවසක් ඉන්නවනෙ .... යූන්‍ට සීතලයිලු ...."

මං යූන්ව තුරුල් කරගෙන කිව්වා .... මං දන්නවා කාලෙනින් නිසා හැමදේම බලා ගන්න ශිනීට තියෙන්නෙ කුතුහලයක් ....

" හරි ඔන්නි .... ගොඩ කාලෙකින්නෙ .... හැමදේම වෙනස් වෙලා .... ඒකයි බැලුවෙ ...."

කෙල්ල කිව්වෙ හිනා වෙලා මගේ උරහිසට ඔළුව තියන් ඇස් පියා ගන්න ගමන් ....

" ම්ම්ම් ඔව් .... හ්හම් , මේරි ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ...? එහෙදි වගේ හරි ෂෙඩුල් එකක් මට තාම නෑ ...."

මං මේරි එක්ක කතා කරන්න පටන් ගත්තෙ එයත් නිදි නැති නිසා තවම ....

" ඉට්ස් ඕකේ මෑම් .... මං බබාලා එක්ක ඉන්නෙ ආසාවෙන් ...."

ඒක මගෙ හිතට සහනයක් .... මෙයාලා දෙන්නා එකතු වුණාම කරන දඟ වැඩයි JM තනියම කරන දඟ වැඩයි මැනේජ් කර ගන්න අපි දෙන්නට හැරුණම පුළුවන් මේරිට විතරයි .... අනික අපි එක්ක හැරුණම මෙයාලා ඉන්න කැමතිත් මේරි එක්ක .... ඒ එයාලට හුරු මේරි නිසා ....

" තෑන්ක්‍යූ මේරි .... ඇත්තටම මට මේ වැඩ අමාරු වෙයි මෙයාල දෙන්නට හුරු කෙනෙක් නැති වුණොත් .... "

Don't Leave Me || Completed Donde viven las historias. Descúbrelo ahora