Pt : 4

134 41 18
                                    

Don't Leave Me
Pt : 4


" ඔන්නි , මේක ඇත්තටම ද කියන්නෙ ...? ඔයා මාත් එක්ක කොරියා යන්න එනවද ...? "

ශිනී මගෙ පස්සෙන් එන ගමන් අහන්නෙ සතුටින් වුණත් ඊළඟ මිනිත්තුවේ ,,

" ඒ...ත් මේ ඔයා ඔන්..මේ මේ ...."

මං දන්නවා මගෙ ඒන්ජල් නිසයි ශිනී මෙහෙම මූඩ් අවුල් ගියේ කියලා ....

" හ්හම් , එයාව මට කොහොමත් හම්බවෙන්න වෙනවා බබා .... HYBE  එකත් ඩීල් එකක් කතා කරන්න යන්නෙ .... HYBE , SM එන්ටර්ටේට්මන් කම්පැනි දෙකත් එක්ක ඩීල් එකකට එන්න ඕනි .... දන්නවනෙ HYBE නම් BTS අනිවාරෙන් ඉන්නවා .... මං ප්‍රොජෙක්ට් එකට BTS ලව බෙස්ට් ඔප්ෂන් එකට දැම්මෙ මට යන්න වෙයි කියලා හිතන් නෙවෙයි .... ඒත් මගේ පෝස්ට් එක ඔයා දන්නවා .... මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක මේ පෝස්ට් එකේ .... කම්පැනි එකේ ඉදිරිය ගැන ප්‍රශ්නයක් මං මේක සාර්ථකව කරන එක නැති එක .... මට යන්නම වෙනවා .... "

මං කියාගෙන ගියේ හිතේ තියෙන පීඩනයට .... ගෙදර ආව වෙලාවෙ ඉඳලා මගෙ ඔළුව පුපුරන්න වගේ .... ඒත් එක පැත්තකින් ප්‍රශ්නයක් විසඳිලා .... නංගිව තනි නොකරන එක ....

" මට තේරෙණවා .... ඒත් යූන් , JM දෙන්නා ...? පැටව් දෙන්නව හැම වෙලාවෙම එයාගෙන් හංගන්න පුළුවන් වෙයිද ...? ඔප්පා ඔයාට ආදරේ කළා ගොඩක් .... ඉතිං ටිකක්වත් ඔයා ගැන හොයන්නෙ නැතුව ඉන්න එකක් නෑ ඔන්නි .... පැටව් දෙන්නා ගැන දැන ගනියි ...."

මගේ හිතට වද දෙන ලොකුම ප්‍රශ්නෙ නංගි වචන කරද්දි ,,

" නෑ එහෙම වෙන්නෙ නෑ .... එහෙම වෙන්න දෙන්නෙ නෑ .... ශිනීහ් , එහෙම දැන ගත්තොත් ම..මම කියනවා මං දැන් මැරීඩ් කියලා .... හස්බන්ඩ් මෙහෙ කියනවා .... ම...ගෙ පැට...ව් නිසා එයා...ට ප්‍ර...ශ්න ඕනි නෑ .... "

මං කිව්වෙ ඒ විදිහට කරනවා කියලා හිතාගෙනවත් හිත සන්සුන් කර ගන්න .... ඒත් හිත කොච්චර අසරණ වෙලාද කියලා හිතා ගන්න බෑ .... ඇස් වලින් කඳුළු ඇවිත් කටහඬ බිඳුනෙ ඉබේමයි ....

" හ්හම් , හරි හරි දැන් අඬන්නෙ නැතුව ඉන්නකෝ .... ආයෙත් අර ඉස්සර හිටපු හොටු බබා වෙන්නද ...? JM ගෙන් වත් ඉගෙන ගන්න වෙනවා නැව ගිලුනත් බෑංචූන් ඉන්න .... "

Don't Leave Me || Completed Where stories live. Discover now