Pt : 8

125 39 18
                                    

Don't Leave Me
Pt: 8


" හොඳින් හිටියා නේද ළමයො ...? කෝ ඉතිං .... මොකද මේ අඬන්නෙ පොඩි ළමෙක් වගේනෙ ...? "

සේජින් අජුශ්ශි කිව්වෙ අප්පා තරම්ම ආදරෙන් මගෙ ඔළුව අතගාන ගමන් ....

" අජුශ්ශි , බොගෝශිප්පෝයෝ ...."

මං අඬලම මොක්කන් වුණ කටහඬින් කිව්වෙ අවුරුදු හතරටම සේජින් අජුශ්ශි එක්ක මම කන්ටෑක් එකක් තියා ගත්තෙ නැතිම තරම් නිසා ....

" නාදූ උරි ත්තල් ...."

මගේ පිටට යන්තම් තට්ටු කරන ගමන් කිව්ව සේජින් අජුශ්ශි ,,

" හරි දැන් ඉතිං ඔය මූණ පිහි දා ගන්න .... අයිගෝ , කවුරු හරි දැක්කොත් ඔයාගෙ ඉමේජ් එකයි ඩැමේජ් වෙන්නෙ .... LV එකේ ඩිරෙක්ටර් කෙනෙක් නේද මේ අහ් ...? අයිගො අයිගෝ ...."

හිනා වෙවී කිව්වෙ මාව සනසවන්න ....

" අ...අජුශ්ශි එ...යා ...."

ඒන්ජල්ව මතක් වෙලා මං ගොත ගගහා කියන්න හැදුවෙ එයා අද මාත් එක්ක කතා කරපු විදිහ ගැන ....

" ම්ම්ම්ම් හම්බවුණා නේද ...? මමත් මෙහෙ නෙවෙයි හිටියෙ බන්ග් pd නිම්ගෙ මියුසික් වැඩ වගේකට එයත් එක්ක සොම්‍යොක්දොල් ගියා ...."

" අජු...ශ්ශි එයා හිතන්නෙ මම මැරි..ඩ් කියලා .... කොහො..මද කියන්න නොදන්..නවා වුණ..ත් එයා මගෙ පැටව් දෙන්..නව දැක...ලා වෙන්...න ඕ..නි ...."

මට එයා ඒ වගේ දෙයක් හිතන්න පුළුවන් එකම දේ මගෙ පැටව් දෙන්නා නිසා ඒක මතක් වුණේ මම මැරිඩ් කියලා කොතනවත් තියෙන්න විදිහක් නැති නිසා .... සේජින් අජුශ්ශි මං කියපු දේ අහලා පුදුම වුණත් මට නම් එයා පැටව් ගැන දැන ගන්න එක ගැන තිබුණෙ බයක් ....

" අහ් මෝ ...? ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ...? "

මගෙන් සේජින් අජුශ්ශි ඇහුවෙ ඒන්ජල් ගැන එයා ඕනිවටත් වඩා දන්න නිසා .... ඒත් මට ඒන්ජල්ගෙන් ලැබුණෙ ඇත්තටම මං හිතපු රියෑක්ෂන් එක නෙවෙයි ....

" අනී අජුශ්ශි එයා හරිම කාම් .... ඒත් මාත් එක්ක එයා තරහින් ඉන්නවා ඇත්තෙ .... මට හිතා ගන්න බෑ .... ම..ගෙ පැටව් දෙන්නව නම් මට නැ..ති ක..ර ගන්..න බෑ ...."

Don't Leave Me || Completed Where stories live. Discover now