Pt : 6

128 38 8
                                    

Don't Leave Me
Pt : 6


" ආ....හ් ඔන්නි , මාරම රහයි .... ආයෙ ගියහම මම දිගටම එහෙ එනවා .... මේ උඹ මාව හලන්න එහෙම එන්න එපා .... "

මං කෑම මේසෙට තියලා පොඩ්ඩො දෙන්නා එනකම් ඉද්දි සොන් යී කියවනවා අවුරුදු ගාණකින් කෑමක් දැකලා නෑ වගේ කෑම ටික කටේ ඔබා ගන්න ගමන් .... ශිනීහ් කිව්ව විදිහට කොලේජ් එකේදිත් මං හදලා දෙන කෑම එකට විදින්නෙත් සොන් යි ....

" යා...හ් මං එහෙම කරනවද උඹට ...? "

ශිනී කිව්වෙ හරිම අහිංසකයි වගේ ....

" මමනෙ දන්නෙ උඹෙ කටේ හැටි .... "

සොන් යී කියද්දිම වගේ රූම් එකේ ඉඳලා පොඩ්ඩො දෙන්නා එළියට එනවා මම දැක්කා ....

" දෙන්නගෙම කටවල් වහ ගන්නවා .... "

මං කිව්වෙ එයාලා කොරියන් වැඩිය කතා නොකෙරුවට හොඳට තේරෙණ නිසා .... මොකද මේ පිස්සියො දෙන්නගෙ භාෂාව ඒ තරම් හොඳයිනෙ ....

" අහ් මියාන්ත් .... "

සොන් යී කිව්වෙ පොඩ්ඩො දෙන්නව දැකලා ....

" කෝ එන්න .... ඔන්න දෙන්නටම අද ලොබ්ස්ටර් තියෙනවා ...."

මං දෙන්නව මේසෙ ළඟින් වාඩි කරවලා කියද්දි දෙන්නට හරි ලස්සන හිනාවක් ගියා ....

" ලව් යූ මාම් ...."

" ඔම්මා සරන්ග්හේ ...."

මං දන්නවනෙ දෙන්නා මොනවා තිබුණත් ලොබ්ස්ටර් වලට හරි පෙරේතයි කියලා .... අනේ ඉතිං මගෙ කපටියො දෙන්නා ....

" කපටියො දෙන්නට කන්නයි කිව්වෙ බටර් ගාන්නෙ නැතුව ...."

මං බොරු තරහක් අරන් කියලා දෙන්නටම ලොබ්ස්ටර් එයාලට කන්න පුළුවන් විදිහට අඩු කපලා හදලා දුන්නා ....

" හී හී ...."

දෙන්නටම මට වරදක් කරලා අහු වුණ දෙන්නෙක් වගේ අහිංසක හිනාවක් දාලා ඉක්මනින් දෙන්නට දෙන්නා මාරු කරගෙන කන්න ගනිද්දි මං ආයෙමත් අතීතෙට ඇදිලා යන්න ගියත් ,,

" ඒක නෙවෙයි ඔන්නි ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ ...? "

සොන්-යී එහෙම අහපු නිසා මම ශිනිහ් ළඟට ඇස් යව්වෙ කෙල්ල දුකින් මං දිහා බලන් ඉද්දි ....

Don't Leave Me || Completed जहाँ कहानियाँ रहती हैं। अभी खोजें