Pt : 2

149 40 9
                                    

Don't Leave Me
Pt : 2

Back to 6 years past <<<< 2015 >>

" ජොන් ශිමාහ් , මං ඔයාගෙ අප්පට පොරොන්දු වුණා .... ඉතිං දරුවො පරිස්සමින් වැඩ ටික කරන්න .... ඔයා තාම පොඩියි .... ඒත් මං දන්නවා ඔයාට තියෙන වගකීම වැඩියි .... මගෙන් නිකම් උදව් ගන්නත් ඔයා අකමැති නිසා තමයි මං මෙතන ජොබ් එකක් අරන් දුන්නෙ .... ඔයාගෙ ආරක්ෂාව මට වැදගත් .... ඔයා මගෙ ඇස් මානෙම ඉන්නවනෙ .... ඒත් වැඩ කරද්දී මං කියපු දේවල් ගැන හිතන්න .... මෙතන දැනුවත් කරන්න ඕනි අයව මං දැනුවත් කරලා තියෙන්නෙ .... ස්ටඩි වැඩ අවුල් කර ගන්න එපා .... යොදොංසෙන්ග් ගැන නම් ප්‍රශ්නයක් නෑනෙ .... "

සේජින් අජුශ්ශි මගෙ අප්පගෙ ළඟම ඥාති කෙනෙක් .... අප්පා අන්තිම හුස්ම ගන්න වෙලාවෙ ළඟ හිටියෙ සේජින් අජුශ්ශි .... මාවයි නංගි ජොන් ශින් වයි බලා ගන්න එයා අප්පට පොරොන්දු වෙලා ....

මට අවුරුදු දහ අටයි .... ප්‍රශ්නයක් නැතුව තනියම ජීවත් වෙන්න පුළුවන් වයසක් නෙවෙයි මේ .... අවුරුදු දා හතරක නංගි කෙනෙක් ඉද්දි , කෙල්ලො දෙන්නෙක් විතරක් කොහොම ඉන්නද පරිස්සමින් .... සේජින් අජුශ්ශිලගෙ ගෙවල් ළඟම බෝර්ඩ් වෙලා ඉන්නෙ අපි දෙන්නා ගෙදර ඉන්න බැරි නිසා තනියම ....

අප්පයි ඔම්මයි ගියපු බස් එක පෙරලිලා ඒ දෙන්නා අපිව දාලා ගිහින් මාස දෙකක් වෙනවා .... අලුත් අවුරුද්දක් මේ ජනවාරි වල ඉඳලා .... සාමාන්‍ය ජීවිතයක් වුණත් සතුටින් හිටපු අපි හතර දෙනාගෙ ජීවිතේට එක පාරට කුණාටුවක් කඩා පාත් වුණා වගේ .... මගෙයි නංගිගෙයි ජීවිතේ මේ මාස දෙකට ගොඩක් වෙනස් වුණා .... මගෙ නංගි ගොඩක් ශක්තිමත් මං වගේ දුර්වල නෑ .... එයා එහෙම පෙන්නනවා .... මට නොකිව්වත් මං දන්නවා එයාගෙ හිත කොච්චර වේදනාවෙන්ද කියලා ....

ඒ නිසයි හයි ස්කූල් යන ගමන් වුණත් මට මගේ හීනය අහාරින්න බැරි නිසා මං ඇප්ලයි කරපු ඇකඩමි එකෙන් මේල් එකක් එනකම් ජොබ් එකක් කරන්න හෙව්වෙ .... මගේ හිත හදා ගන්න ගමන් ඔම්මා අතින් නංගිට ලැබුණ හැමදේම අඩු නොකර එයාට දීලා මට එයාට ඔම්මා කෙනෙක් වෙන්න ඕනි නිසා ....

ඒ වෙනකොටත් සේජින් අජුශ්ශි හැමදේම අපි ගැන බලනවා වුණත් මං දන්නවා එයා වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකේ හැටියට අපි වෙනුවෙන් එයාට ඉන්න හැම වෙලාවෙම අමාරුයි කියලා .... ඉතිං මං එයාගෙන් ඉල්ලුව එකම උදව්ව ආරක්ෂිත තැනකින් පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් .... තාම මේල් එක නොආවත් මට ඒක ලැබෙයි කියලා තිබුණ විශ්වාසෙ එක්ක මම සෙල්ෆ් ස්ටඩී කරන අතරෙම හයි ස්කූල් වැඩ කර ගන්නවා ....

Don't Leave Me || Completed Where stories live. Discover now