Pt : 7

141 39 18
                                    

Don't Leave Me
Pt : 7

|FLASHBACK  << 2017 >>

- Jin's POV -

මැණික , උඹ දන්නවද උඹෙ ඒන්ජල් මැරෙනවා කියලා ...? උඹ ගැන හිත හිතා මැරෙනවා බං .... අපේ ඒ මතක නිසා මැරෙනවා .... මං දන්නෙ නෑ උඹට මාව තනි කරලා යන්න තරම් තිබුණ හේතුව .... අපි දෙන්නා ගැන දැනන් හිටියෙ කීප දෙනයි .... ඒ අය හැර වෙන කවුරුවත් දන්නවා කියලා මං හිතන්නෙ නෑ .... එහෙම දන්නවා නම් මටනෙ කතාවක් යන්න ඕනි උඹව අතාරින්න වෙන විදිහට .... උඹ ඇයි මැණික මාව දාලා ගියේ ...? උඹ හේතුව වත් කියලා ගියා නම් මෙහෙම නොකියා යන්නෙ නැතුව ....

මං වගේම උඹෙ යාළුවො තුන් දෙනත් දුක් වෙනවා උඹ ගියපු එකට .... උඹෙ ඔප්පලා දුක් වෙනවා .... උඹ උන්ගෙ යොදොංසෙන්ග්නෙ .... ඒත් මැණික මම ...? මම මැරෙනවා බං පණ පිටින් මැරෙනවා .... මෙතන හරියට රිදෙනවා මගෙ .... උඹ ගිහින් තියෙන්නෙ එතන තිබුණ හදවත් අරන් මැණික .... මේ පපුව පිච්චිලා බං .... හරිම දැවිල්ලයි උඹව මතක් වෙන වාරයක් ගාණෙ ....

උඹ තාම පුංචියි .... මේ ලෝකෙ උඹට ලොකු වැඩියි රත්තරං .... ආයෙත් උඹෙ ඒන්ජල් ළඟට එන්න .... මගෙ ඇස් මානෙම ඉන්න .... ඒන්ජල් උඹ ළඟින් ඉන්නවා .... ඒ...ත් මට උඹව ඕනි උඹට මාව ඕනි වෙනවට වැඩිය මැණික .... ඒක උඹ දන්නා .... නේද මැණික ...?

උඹ හොඳටම දන්නවා මට උඹව කොච්චර ඕනිද කියලා .... මගෙ හිත හරියට දිග අරින්න පුළුවන් උඹ ළඟ .... සුදු කඩදාසියක තියෙන සන්සුන් කම මගේ බය වෙන , දුක් වෙන , කලබල වෙන හිතට ගේන්න පුළුවන් උඹට විතරයි ....

මගෙ කොල්ලො හය දෙනා ඉස්සරහ තවත් මම දුර්වලයෙක් වගේ ඉන්නෙ නෑ .... මං උන්ගෙ ලොකු හ්‍යුන් .... ඒ නිසා මට එහෙම ඉන්න බෑ .... ඒත් මං දුර්වලයි රත්තරං .... මාව මෙහෙම අසරණ කරන්න එපා .... මං දන්නෑ උඹව හොයන්න තැනක් .... උඹව හොයන් එන්න බැරි වෙන්න මාව බැඳලා දාලා බං .... මං ගොඩක් දේවල් වලට යට වෙලා ඉන්නෙ .... මට නිදහස නෑ කියලා දන්නවා නේද උඹව හොයන් එන්න තරම් ...? කලින් වගේ ආයෙත් මාව හොයන් එන්න මැණික ....

උඹ ගිහින් දැන් මාසයක් .... තවත් මට කඳුළු නෑ මැණික .... පහු ගිය සති ටිකේ කඳුළු හිදෙනකම් උඹෙ ඒන්ජල් ඇඬුවා .... උඹට දැනුනෙ නැද්ද මගෙ දුක ...? කොල්ලො ටික මං ළඟින් හෙලවුණේ නෑ .... උන් දන්නවා උඹ මගෙ පණ කියලා .... ඒත් උඹ ඒක දැනන් හිටියෙ නෑ නේද රත්තරං ...? ඒකනෙ මාව මෙහෙම දාලා ගියේ ....

Don't Leave Me || Completed Onde histórias criam vida. Descubra agora