chapter 2

1.4K 214 35
                                    

Me and my bed are happily married...we even have two children named 'pillow'and 'blanket'...

(A/N මං කාටර් සහ ඈශ් කියලා කලින් නම් කරලා තිබ්බ චැප්ටර් දෙකම Chapter 1 එකට දැම්මා... මෙතන ඉඳන් අලුත් ටික.)

Carter:

Ring!

උදේට ඇහැරෙන එක තරං මලවදයක් ලෝකෙ කොහේවත් නැතුව ඇති.මං මගෙ කන ළග වැදෙන ඔරලෝසුව අරං ඈතට විසි කරා. ෆෝන් එකෙන් අලාර්ම් තියන එක මට හරියන වැඩක් නෙවෙයි මොකද නින්දෙන් ම මං ඕවා පොළොවෙ ගහනවා. අද සඳුදා...මහ කාලකණ්නි දවසක්... උදෙන්ම ලොකු ඔළුවෙ කැක්කුමක්.

මගෙ ජීවිතේ සතියක් ගෙවෙනවා දැයෙන්නෙ මෙහෙමයි.
සඳුදා
සඳුදා#2
සඳුදා#3
සඳුදා#4
සිකුරාදා
සෙනසුරාදා
සඳුදට කලින් දවස

ආආහ් මොන වදයක්ද... තනිකඩ ජීවිතේ

ඇඳට හේත්තු උන මම කාමරේ සිවිලිම දිහා ඔහෙ බලාගෙන හිටියා. එදා මාව ගෙදරින් එළවපු දවසෙ ඉඳන් මං ඉන්නෙ තනියම. Fuck my excuse of a father! යකෝ මාව හැදුවෙ මොකටද...? ඉපදුන වෙලාවෙම මරලා දාන්ඩනෙ තිබ්බෙ... ගෙවල් පළාතෙවත් නැතුව බිස්නස් ට්‍රිප් ගිය ඒ මනුස්සය තමංගෙම ලේ ඇගේ දුවන මාව ගෙදරින් එලියට දැම්මෙ ගෙදර සමනල්ලුන්ට ඉඩ නැහැ කියලා...සමනල්ලුන්ට බිස්නස් ගෙනියන්ඩ බැහැ කියලා. තමන්ගෙ බිලියන් ඩොලර් කම්පැනි මං වගේ පෙන්දෙකුට දෙන්ඩ වටින්නේ නෑ කියලා.. අඩුගානේ එක මොහොතක් මගෙ පැත්තෙන් හිතුවද? gay වෙලා ඉපදුන එක වැරද්දක් ද... මං ඉල්ලුවෙ නැහැ මාව gay කරන්ඩ කියලා.තාත්තා මං දිහා බැලුවේ බෝ වෙන ලෙඩක් දිහා වගේ...යකෝ මං එදා අවුරුදු දාහතක කොල්ලෙක්.

ඇගේ තිබ්බ මුළු ධෛර්යයම එකතු කරන් එදා මම ගෙදර අය ඉස්සරහ gay කෙනෙක් විදියට එළියට එනකොට එයාල මාව පිළිගත්තෙ මගෙ කම්මුල් දෙකට සතෙකුට වගේ ගහලා.ලේ එනකල් මට පයින් ගහලා. එතකොට අපෙ අම්මා... තාත්තගෙ අණට කීකරු වෙලා බබා වගේ බලං හිටියා. එදා රෑ මම ගෙදර තිබ්බ පිස්තෝලයකින් මගෙ ඔළුවට වෙඩි තියාගන්න හැදුවා... ඒත් මගෙ මතකයේ රැඳුනු ඒ ඇස් දෙක ආයෙ දකින්න නම් මං ජීවත් වෙලා ඉන්න ඕනේ.

ඒවා පරණ කතා...

ඇඳෙන් නැගිට්ට මම ඇඳුම් ඔක්කොම ගලවලා ශවර් එක ඉස්සරහ හිට ගත්තා. ගලාගෙන යන වතුර දිහා මං බලාගෙන හිටියෙ කී පාරක් මං වතුරට පැනලා සියදිවි හානි කරගන්ඩ හිතුවද කියලා. එකපාරක්.... දෙපාරක්.... දහපාර ක්? එදා මාව තේරුම් ගන්න කවුරුත් හිටියේ නැහැ.එකතු කරගත්තු ඩොලර් සීයක් එක්ක තමයි මං මේ තැනට ආවෙ. අවුරුදු පහකට ළග ඇති... ඒත් දැන් මම නියම පිරිමියෙක් වගේ තනිවම දියුණු වෙලා... පිරිමිකම කියන්නේ විරුද්ධ ලිංගෙට කැමති වෙලා ලමයි හදන එක කියන ඒ රාමුවකට කොටු උන මතය පිළිගන්න තරම් මං පහත වැටිලා නැහැ.

Enemies In Love (short stories) completedOpowieści tętniące życiem. Odkryj je teraz