End...

891 96 19
                                    

(A/N අනේ කස්ටිය සොරි ඈ මං ලිය ලියා හිටපු කතාව අයින් කරා... වෝට්ස්..වීව්ස්.. කොමෙන්ට් සේරම අයින් කරා.... ලියන්න, හිතන්න වෙලාවක් නැහැ... මේ පිටුවෙන් පස්සෙ මං පොත complete කියලා දානවා...මේක කියවලා දුක හිතුනොත්... ඇඩුනොත් මං සාර්ථකයි.. මොකද මටත් දුක හිතුනා... )


මගෙ පැටියො

ඔයා එදා ලස්සන ට ඇඳං මගෙ ඉස්සරහට ඇවිත් මගෙන් ඇහුවා ' මම හැන්ඩ්සම්ද?' කියලා... මම නැහැ කියලා උත්තර දුන්නා. මගෙ රත්තරන් ඔයා දවසක් ඇහුවා මගෙන් මං ඔයාට කැමතියි ද කියලා... මං ඒත් නැහැ කීවා...මතකද... ඔයා එදා මගෙන් ඇහුවා මං ඔයත් එක්ක ඉන්නෙ කැමැත්තෙන් ද කියලා... මං ඒත් නැහැ කියලා කීවා...ඔයා මගෙන් හැමදාම ඇහුවා ඔයා නැති දවසක මං අඩයිද කියලා.... මතකයි මං එදත් කීවෙ නැහැ කියලා... ඔයාගේ උපන්දිනේට ඔයා මගෙන් තෑග්ගක් ඉල්ලුවා.මං ඔයාට ටෙඩියෙක් දික් කලා...

මට මතකයි අපි දෙන්න පලවෙනි වතාවට හමුවුන දවස. කාන්තාරෙකට හමන සීතල හුළගක් වගේ ඔයා එදා කොහෙදෝ ඉඳලා දුවගෙන ඇවිත් ඔයාගේ ලස්සන සියුම් ලපටි තොල් දෙක මගෙ රළු තොල් වලට තද කරා... මාත් කොල්ලෙක්... ඔයත් එහෙමයි...මට ගොඩක් තරහ ගියා... ලැජ්ජා හිතුනා.. ඉතින් මං ඔයාව අහකට තල්ලු කරා. ඔයාට රිදුනද පැටියෝ...මට සමාවෙන්න... එදා ගෙදර ගිහින් මාත් ඒ ගැන දුක් උනා. ඒ වෙලාවේ ඔය ලස්සන ඇස් දෙක කඳුළු වලින් වැහිලා ගිය හැටි මට තාමත් මතකයි.... මට සමාවෙන්න රත්තරන්... ඒ ගැන මම තාමත් දුක් වෙනවා.

මං කී වතාවක් ඔයාව මගෙන් ඈත් කරන්න හදන්න ඇති ද? ඒත් ඔයා හැමදාම මගෙ පස්සෙන් ආවා... මං දවසක් හැමෝටම පේන්න ඔයාගේ ඔය සිනිදු ලස්සන කම්මුලට ගැහුවා...මතකයි... ඒත් දැන් ඒ මතකය මගෙ පපුව හාරනවා වගේ දැයෙනවා මගෙ මහත්තයො... මගේ පපුව පැලිලා යනවා... මාව පිච්චෙනවා වගේ දැනෙනවා රත්තරන්.... ඒත් ඔයා මට අතක් වත් ඉස්සුවෙ නෑ නේද... ඇයි ඒ... මට ආදරේ නිසා ද?... ආදරේ...මට ඒක තේරුම් ගන්න ගොඩක් කල් ගියා...

මං දිහා බලන්න පැටියෝ.... මාත් අද මගෙ ඔළුව ශේව් කරා... දැන් අපි දෙන්නම ලස්සන යි... සමාවෙන්න මං නොහිටපු එකට... සමාවෙන්න මට..... එදා ඔයාව ශේව් කරන්න මං නොහිටපු එක ගැන... මට දුකයි පැටියෝ... ඔයා කොහොමද බබෝ හිත හදාගත්තෙ ඒ දේට... තනිවම....? ගොඩක් ඇඩුවද?... මාත් අඩනවා මගෙ කොල්ලො.... මාත් පිස්සෙක් වගේ ඔළුවෙ අත ගහං අඩනවා...ඔයා නැතුව පාළුයි...

Enemies In Love (short stories) completedWhere stories live. Discover now