Truth or Dare

1.2K 117 4
                                    

(කවදහරි අපිත්👆🥺☝️... oh I love 'em. Gay n raising a kid.. damn I'm jealous...nah kidding...)

(අග A/N කියවලම පටන්ගන්න)
.......

"ඒයි වරෙංකො"Ian(ඉයන්) උගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ව වොශ්රූම් එක ළඟදි නැවැත්තුවා. කොල්ලා උගෙ යාළුවව ටොයිලට් එහෙකට ඇදගෙන ගිහින් දොර ලොක් කරා.

"Damn Nick! Truth or Dare?" ඉයන් උගෙ යාලුවගෙන් සීරියස් ඇහුවා.

"Dare නැතුව වෙන මොනවද!" ඉයන් දැනං හිටියා උගෙ යාලුවාට තියෙන්නේ අභියෝගවලට අභියෝග කරන චරිතයක් කියලා. නික් ඩැනියෙල්ස්..උගෙ අතිජාත මිත්‍රයා. අතදරුවො කාලෙ ඉඳන් එකට හිටිය උගෙ හොඳම යාලුවා.

ඒත් යාලුකමට වඩා දෙයක් ඉයන්ගෙ හිතේ තිබ්බා.ඌ උගෙ බෙස්ටාට මතක කාලෙක ඉඳන් ගොඩක් කැමතියි. ඕ ඌ උගෙ පිරිමි යාලුවට කැමතියි. පොඩිවට පටන්ගත්ත ක්‍රශ් එක දැං බරපතලයි. ඉයන් කොච්චර අහක බැලුවත් නොදැනුවත්වම ඌට උගේ යාලුවා දිහා බැලුනා. ඒත් නික් ඔය බවක් දැනං උන්නෙ නැහැ.

ඒත් මේ ටිකේ ඌ හැර වෙනත් එකෙක් Dan දිහා බලන් ඉන්න වග කොල්ලා දැක්කා. ඒ වෙන කවුරුත් නෙවෙයි මුළු ඉස්කෝලෙම හිනාවකට ගත්ත ගේ කොල්ලා. ගේ විතරක් නෙවෙයි ඊටත් හපන් ෆෙම් ගේ කොල්ලෙක්. හැසිරීම කෙල්ලෙක් වගේ.

ඌ කතා කරේ හැම දිහාවටම අත් වන වනා. ඌ ඉස්කෝලෙ ආවෙ ලිප් බාම් ගාලා. දවසෙන් දවස වෙනස් වෙනස් පාට වල කියුටෙක්ස් ඇගිලි වල උලං. ඇස් වල අයි ලයිනර්.

ඌ වගේකෙක් තමං කැමති කොල්ලා දිහා බලන් ඉන්නවට ඉයන් කොහොමටවත් කැමති උනේ නැහැ. ඒක උගෙ හිතට මහා වදයක් දුන්නා. මොකද මොනව උනත් ඌ අකමැත්තෙන් හරි පිළිගත්ත දෙයක් තමයි Kai කියුට්... ගොඩක් කියුට්... ඒ මේකප් අස්සෙ ලස්සන කොල්ලෙක් ඉන්නෙ.

ඉයන් බයවුනා උගෙ තාම ස්ට්‍රේට් බෙස්ට් ෆ්‍රෙන්ඩ් Kai ව වෙන විදිහකට දකීදෝ කියලා. ඒ තරහටත් එක්ක කායි කියන ඔය පොඩි කොල්ලව බිඳවන්ඩ ඌට ඕනෙ උනා. ඒකත් නික් ලවාම...

"Dare නේද? එහෙනම් උඹට සතියක් තියනවා Kairo Felix ව රවට්ටලා ඌව යාලු කරං බොරු බලාපොරොත්තු දියං. නික් උඹ සතියක් ඇතුළත ඌ ලවා I love you කියන වචන තුන කියවගන්ඩ ඕනෙ. සතියයි උඹට තියෙන්නෙ. ඒ වචන කීව ගමං ඌත් එක්ක බ්‍රේකප් වියං. එච්චරයි. සිම්පල්!.... පුළුවන් නෙ නේද මේ පුංචි අභියෝගයට මූණ දෙන්ඩ නික් ඩැනියෙල්ස්? "

Enemies In Love (short stories) completedWhere stories live. Discover now