Chapter 16

829 114 29
                                    

දින දෙහෙකට පසු

නික් දවස් දෙකක් ඉස්කෝලෙ ගියේ නැහැ. හොස්පිට්ල් රූම් එකේ කායිගෙ ඇඳට ඔළුව තියාගෙන දවස් දෙක පුරාම හොඳටම අඩුවා..දුක්වුනා... කොල්ලා තමන්ටම බැන ගත්තා කායිව බේරගන්න එදා එතන නොහිටපු එක ගැන... ඩෙයාර් එකක් වෙනුවෙන් වටින ජීවිතයකට දුක දුන්නු එක ගැන... ඒත් කොල්ලා කායි ඇහැරුනාම හැමදාටම එයත් එක්ක ඉන්න තමංටම පොරොන්දු උනා... ඒත් ඒ අනුකම්පාව ට නෙවෙයි.... කොල්ල දැං දන්නවා ආදරේ කියන්නේ මොකද්ද කියලා. බොරුවට යාළුවො එක්ක රැළ ගැහිලා කෙල්ලොත් එක්ක නිදන එක නෙවෙයි... නික් කායි එක්ක හිටපු සතිය ඇතුලත කොල්ල බලන් හිටියෙ කායිගෙ හිනාව... ලස්සන මූන දිහා මිස කොහොම ද මූත් එක්ක බුදියන්නෙ කියලා නෙවෙයි... ඒක අළුත් දෙයක්... ඒත් හොඳකට

දින තුනකට පසු...

නික් ගෙ ඇස් වටේ කළු වෙලා... කොල්ලා හරියට කෑම කෑවෙත් නැහැ.... කායිගෙ අත අල්ලගෙන ඇඩුවා... ඒ ලස්සන හිනාව... ඒ ඇස් දෙක... ඒ තොල් දෙක.... 'කායි ෆීලික්ස්...ඇහැරෙනව මෝඩයො... මාත් ඔයාට ආදරෙයි' නික් කායිගෙ නළල ඉම්බා... ' ඇයි ඇහැරෙන්නේ නැත්තෙ... මගෙ මැණික ඇහැරෙන්ඩකො..." නික් දුක්වෙන හැටි එයාගෙ දෙමාපියො බලං හිටියා.... එයාලට ආදරේ තේරුම් ගන්න අවුරුදු විස්සකට ලං වෙන්න ගියා... ඒත් මේ පුංචි කොල්ලෙක් එයාලගේ පුතාට ආදරේ පෙන්නලා දීලා...

කායි ඇස් දෙක වහගෙන කළුවර දිහා බලාගෙන හිටියා.... කොල්ලට ඒ කළුවර අඩගහනවා.... ඒත් කොල්ලට කෙනෙක් ගැන මතකයක් තියෙනවා... ගොඩක් වටින කෙනෙක් ගැන... කවුද ඒ... එයාව අඳුර ඩැහැගන්න හැදුවට කොල්ලගේ ඇස් ඉස්සරහ අයියගෙ මූණ මැවෙනවා...

අයියා..

නික් දකිනවා කායිගෙ ඇස් වලින් ආපහු කඳුළු ගලන හැටි... ඇයි මගෙ පැටියෝ අඩන්නෙ... ගොඩක් රිදෙනවා ද.... නික් කායිගෙ කදුළු පිහිදදා එයත් එක්කම ඇඩුවා... 

එදා හවස ගොඩක් අය කායිව බලන්න ආවා... ඉයනුත් ආවා...සමාව ගන්න...

දැං හැමෝම බලන් ඉන්නවා කායි ඇහැරෙනකල්... කොල්ලගෙ ඇගට සනීපයි... ඒත් එයා ඇස් අරින්න පරක්කුයි... ඉයන් ගොඩක් බය වෙලා හිටියා කායිට මොනවත් වෙයිද කියලා....ඒ වගේම ඌට බයයි උගෙ බෙස්ටා ඌට නැති වෙයි කියලා...

Enemies In Love (short stories) completedWhere stories live. Discover now