☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 5

102 32 0
                                    

"ඒක ඔයාගේ life එකනේ...එක එක කොල්ලෝ-"
අනී..එපා..එපා...එපා......එයා කියන දේවල් අහන් ඉන්න බැරි නිසා මන් එයාගේ කතාවට මැදින් පැන්නා...

"Stop it seokjin.....ඔ-ඔයා එන්න ඕනී නෑ....මන් තනියෙන් යන්නම්...😊😊 okayy?...."
මන් මවා ගත්ත හිනාවකින් එහෙම කියලා.... ඊයක වේගෙන් කාමරේට දුවන් ආවේ ආයේත් කදුලු මගේ කම්මුල් දිගේ බේරෙනවා කියලා දැනුනු නිසා.....එහෙම්මම door එකට හේත්‍තු වෙලා මන් කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නා.....මට ඇහුනා ජින්ගේ කාර් එක යන සද්දේ.....

ඔයා මන් ගැන එහෙමද හිතන් ඉන්නේ
ජිනා?? පහත් ගෑනියක්ද මම?මැරීගෙන ආදරේ කරපු එකට ලැබෙන වටිනාකමද මේ?? එදා ඔයා හැමදේම දැක්කද ජින්?
අනී.....ඔයා විශ්වාස කලේ ඔයා දැක්ක දේවල්..ඔයාගේ වැරැද්දක් නෑ.....
මගේ මුරණ්ඩුකම් නිසා නේද මට ඔයාව නැතිවෙන්න යන්නේ......මට එහෙම්මම බැලුනේ මේසේ උඩ තියෙන කොළ ටික දිහා......

Flashback.. 2 days ago.....

"නිම්හා ඔයාට letter එකක්..."

"මට??official එකක් නෙවේ.... මෙහෙට කවුද මට letters එවන්නේ......"
Ms.ආරා දුන්න letter එකත් අරගෙන මන් බෙන්ච් එකට ආවේ මොකක්ද කියලා බලන්න......

සොල්මා.....







ආයේත්???





ඇයි ජිනාහ්හ් ඔයා මට මෙහෙම කරන්නේ???....

ම්ම්ම් එතන තිබ්බේ ඩිවෝර්ස් පේපර්ස්......තුන්වෙනි පාරටත්? ඔයාට ඔච්චරම මාව ඩිවෝර්ස් කරලා දාන්න ඕනිද ජින්? එතකොට මම විතරද මේ බැදීම ආරක්ශා කරගන්න දගලන්නේ..
ඔය හිතේ පුංචිම ආදරයක්වත් මන් වෙනුවෙන් ඉතිරි වෙලා නැද්ද?
කලින් දෙපාරම මන් කලේ මට දුන්න ඩිවෝර්ස් පේපර්ස් ඉරලා විසිකරපු එකයි...ආයේ ආයේ ඩිවෝර්ස් එක ඉල්ලද්දී දෙන්න බෑ කියපු එකයි..
අන්තිමට මට අහගන්න වුනේ,

"තමුසේ සල්ලි පස්සේ යන ජරාගෑනියක්...ඉල්ලන ගානක් දෙන්නම් මගේ ජිවීතෙන් යනවා Song Nim-Ha!!!"
මන් හරි බයයි....මන් බයයි ඒ වචන වලට....ඒවාට කියාගන්න බැරි තරම් හිත රිදෙනවා...

මොනදේ කිව්වත් මන් ජින් එක්ක ඉන්නේ එයාව තනි කරන්න බැරි නිසා.... එයාට ඉන්නේ මන් විතරයි..මාත් ගියොත් එයා තනිවෙනවා...
ඇයි ජින් ඔයාට බැරි මාව තේරුම් ගන්න? මගේ ආදරේ බොරුවක් නෙවේ කියලා පිළිගන්න බැරි ඇයි....

Flashback end.

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now