☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇20

86 34 2
                                    

"අනී.....ඔම්මා...අඩන්න එපා...මියන්...මන් ආයේ එහෙම කියන්නේ නෑ....."
අහ් මන් අඩලද? අනී මන් ඇඩුවේ නෑනේ......
සොංහා එයාගේ අත් වලින් මගේ කම්මුල් පිහදැම්මා....

"සොංහා ඉක්මනට හොද වෙන්නම්කෝ හාද ඔම්මා? ඔහොම අඩන්න එපා ආයේ.....ඔම්මා ඇඩුවාම සොංහටත් රිදෙනවනේ....."
ආයේ මාව හයියෙන් බදාගෙන සොංහා කිව්වා...මට තේරෙන්නේ නෑ මේ කෙල්ල ගැන......

"හැමදාම බෙහෙත් බිව්වනම් ඔම්මා අඩන්නේ නෑනේ😒"
ඔන්න එහෙම කිව්වාම මගෙන් ඈත් වෙලා හිනා වුනා....මේ කෙල්ල බෙහෙත් බොන්නේ නෑ හරි කපටියි....

"ම්ම් සොංහා අද වැඩිය දගලන්න එපා හොදෙ... හෙට ඔම්මත් එක්කම checkup එක කරන්න යමු....."

"දේ දේ යමු😌😌"
කෙල්ල මගේ කම්මුලට චූටි කිස් එකක් දීලා මන් හිනා වෙවී බලන් ඉද්දීම දොර ඇරගෙන එලියට ගියා...ඒත් ආයේ ඇතුළට මූණ දැම්මා....

"ඔම්මා....."

"වේ......"

"එයා එයි නේද?"

"අනිවාරෙන්ම පැටියෝ😊"
මන් එහෙම කිව්වට මට විශ්වාසයක් තිබ්බේ නෑ.. එක්කෝ මට මූණටම කියල එන්න තිබ්බේ.... දැන් ජින් ආවේ නැත්නම්  සොංහාට අප්සට් යයි😫😫 මන්නේ දන්නේ දවසට කීපාරක් ජින්ගේ නම ජප කරනවද කියලා...එක්කෝ ජින්ට තිබ්බා සොංහා ගැන හොයන්න......

Jin's pov.......
කැෆේ එකේ කොනේම තිබුණු ටේබල් එකක මන් ගිහින් වාඩි වුනේ යුංගි එවපු msgs ටික බලන ගමන්...හැබැයි ඒ වැඩේ දිගටම කරන්න හම්බ වුනේ නැත්තේ මගේ ඉස්සරහට ගෑනූ කෙනෙක් ආපු නිසා..

"සොක්ජින්ශී......."

"ඔයා-"

"අහ් මන් සෙමී Lee Se Mi"

"ඉදගන්න Ms.Lee..."
මන් එහෙම කිව්වාම එයා මට ඉස්සරහ වාඩි වුනා....

"මොනා හරි ඕඩර් කරනවද ms.lee"

"අහ් හරි....සොක්ජින්ශී මට සෙමී කියන්න...😊"
මන් හා කියන්න ඔලුව වැනුවා....

"ජින්ශී නිම්හාට කොහොමද?"
මෝ....මෙයාලා යාලුවෝ නේද.........

"නිම්හා ඔයා එක්ක කතා කලේ නැද්ද සෙමී??"

"අ-අනී......මන් මෙහෙන් ගියපු නිසා එයාව කනෙක්ට් කරගන්න බැරි වුනා........."

"ඔහ් හරි...."

"ජින්ශි......ඇයි මට එන්න කිව්වේ?"

"එදා මොකක්ද වුනේ සෙමී?"

"කවද්ද?"

"මාස නවයකට කලින්... එදා ක්ලබ් එකේදී..."
මන් එහෙම ඇහුවම සෙමීගේ මූණ අදුරු වුනා..එයා ඔලුව බිමට පාත් කරගත්තා.. එයත් නිම්හා ගැන වැරද්දක්ද කියන්න යන්නේ? මන් මෙහෙට සෙමීව හම්බ වෙන්න ආවේ මන් දැක්ක දේවල් බොරු කියලා අහගන්න.. එතන ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්න.... මගේ නිම් එහෙම නෑ කියලා හිත කියන දේ පිලිගන්න..

"සෙමී...ප්ලීස් මට එදා වුන දේ කියන්න එදා ඒ දේන් පස්සේ මන් නිම්හා එක්ක මූණක්වත් බලලා කතා කරලා නෑ...එයා විදවනවා..."
මන් එහෙම කිව්වාම සෙමී මූණ උස්සලා මන් දිහා බැලුවේ ඒක ඇත්තද කියලා අහන්න....මන් ඔලුව වැනුවේ ඔව් කියන්න...ඊට පස්සේ ලොකු හුස්මක් අරන් එයා මොනාද කියන්න ලෑස්ති වුනා......






___________________________________________
තා මාසෙකින් විතර ඉතුරු ටික අරන් එන්නම්..😗😗

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Onde as histórias ganham vida. Descobre agora