☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇21

80 35 0
                                    


"ජින්ශී......නිම්හා එදා ක්ලබ් එකට ගියේ මාත් එක්ක........ඒ මොකටවත් නෙවේ..ම්-මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න....."

"මෝ??"
නිම්හා මොකටද කාගෙවත් බෝයිෆ්‍රෙන්ඩ්ලා හම්බ වෙන්න යන්නේ....

"ඒ වෙද්දිත් එයා හොද මිනිහෙක් කියලා නොතේරුනු නිසා අපි බ්‍රේකප් වෙලා හිටියේ..
එක ද-දවසක් එ-ඒ මනුස්සයා ලග මගේ photos වගයක් තියෙනවා කියලා කෝල් කරලා කිව්වා.....ඒවා ඩිලීට් කරන්නනම් එයාව හම්බ වෙන්න ක්ලබ් එකට එන්න කිව්වා...

ම්-මන් තනියම යන්න ගියේ...
ඒත් ඒ කෝල් එක නිම්හා අහන් ඉදලා තිබුනා....එ-එදා අපි shopping කරන්න ගිහින් හිටියේ....එයා කිව්වා එයත් එන්නම් යන්න කියලා......
මට තනියෙන් යන්න ඕනි වුනෙත් නෑ...අ-අනික ක්ලබ් එකට... ඉතින් මන් හවස නිම්හා එක්කම ක්ලබ් එකට ගියා..ඒ මනුස්සයා ඒ වෙද්දිත් හිටියේ හොදටම බීලා....
නිම්හට ඉන්න කියලා මන් එතෙන්ට ගියේ මේ ප්‍රශ්න විසදන් එන්න කියලා හිතන්..ඒත් ඒ මිනිහා මට එයා එක්ක ඉන්න කියලා බල කලා.....

ඒත් එක්කම ටිකක් ඈතින් හිටපු නිම්හා ඇවිත් එයාගේ කනට ගහපු නිසා එයාට තවත් තරහා ගියා...
මාව පැත්තකට තල්ලු කරලා නිම්හව බිත්තියට කොටුකරගත්තා.... ඒ වෙලාවේ කට්ටිය හිටියෙත් ඩාන්සින් ෆ්ලෝ එකේ නිසා කාටවත් ගානක් වුනේ නෑ.....
මාව තල්ලු කරපු පාර මගේ නළල වැදුනා...

මන් නැගිටින්න හදද්දී දැක්කේ අර මනුස්සයට ගහලා නිම්හට හොදටම  බැනලා එතනින් ගියපු පිරිමි කෙනා......ඒ ඒ ඔයා ජින්ශී..කතා කරලවත්,ඇත්තටම දැකලවත් නොතිබුණු නිසා මට ඔයාව අදුරගන්න බැරි වුනා.....ඔයා අර මිනිහට ගහලා තිබ්බ විදියට එයාට නැගිටින්න පනක් තිබුනේ නෑ......නිම්හා එහෙම්මම මාව එතනින් ඇදගෙන ඇවිත් ටැක්සි එකකට දාලා ගෙදර යන්න කියලා ගියා... මන් දැනන් හිටියේ නෑ මොකක්ද වුනේ කියලවත්..නිම්හා කිව්වේ එයා හැමදේම බලාගන්නම් කියලා....

මට සෝල් වලින් යන්න වුනා අප්පගේ අසනීපේ නිසා....එදා මන් නිම්හා එක්ක කතා කරලා නෑ...එයාගේ නම්බර් එකවත් වැඩ නෑ...අද ජින්ශී කෝල් කරාම දේපාරක් හිතන්නේ නැතුව මන් ආවේ නිම්හා ගැන දැනගන්න...."

"එ-එතකොට ඔයා කියන්නේ එදා නිම් ඒ මිනිහව කිස් කලේ නෑ කියලද?"

"මෝ??ජින්ශී........නිම්හා එහෙම කෙනෙක් නෙවේ..."
ශිට්.........ඇයි මන් ඒ ගැන හොයලා බැලුවේ නැත්තේ....ආයිශ්හ් මන් මෙච්චර මෝඩ වුනේ කොහොමද? මන් කොහොමද මගේ වයිෆ්ව ඒ විදියට අවිශ්වාස කලේ..... තවත් මන් මෙතන බලන් ඉදලා වැඩක් තියෙනවද? මන් මේසේ ගහන් හිටපු ඔලුව උස්සලා මේසේන් නැගිට්ටා……

"කුමාවෝ.....සෙමී...මන් ඔයාට නිම්හාගේ නම්බර් එක එවන්නම්..... ආයෙත් කුමාවෝ... මන් දන්නේ නෑ මේවා මන් දැනගත්තේ නැත්නම් මොනා වෙයිද කියලා....."

"හරි ජින්ශී.....යන්න ගිහින් එයා එක්ක කතා කරන්න...සමාවගන්න..මතක තියාගන්න බැදීම් රදාපවතින්නේ විශ්වාසේ මත......"
මන් සෙමීව කැෆේ එකේ එහෙමම දාලා කාර් එකට නැග්ගා.....ඒත් එක්කම මට කෝල් එකක් ආවා.....





__________________________________________________
බලන්න නේත චූටි දෙයක්නේ මේ ජින් අල්ලගෙන දගලලා තියෙන්නේ..🙂

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now