☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇15

86 33 10
                                    

"දේ දේ මන් තමා🤨"

"ම්ම්ම් ඔන්නි ඇයි මෙතන?"

"මන් ආවේ කතා කරන්න....ජින් එක්ක තාමත් ඒ ප්‍රශ්නෙමද?ම්ම්?"

"අ-අනී ඔන්නි...."

"ඔම්මලාට කියන බොරු මට කියන්න ලෑස්ති වෙන්න එපා....චූටි කාලේ ඉදන් මරාගත්ත ඔන්නිට තමන්ගේ නංගිගේ ඇස් කියවන්න බෑ කිව්වොත් ඒක බොරුවක්...බලන්න ඔයාගේ ඇස් අස්සේ හැංගිලා තියෙන වේදනාව...."
ඔන්නිගේ වචන ඉස්සරහා මගේ කදුලු නැවතුනේ නෑ....
Song Min Ha මගේ ඔන්නි.. එයාට බොරු කරන්න මට බෑ..පුංචි කාලේ ඉදන් මාව බලාගත්තේ එයා....
ඔන්නි හැමදේම දන්නවා...ඒත් එයා හිතන් හිටියේ අපි ඒ ප්‍රශ්න විසදගත්තා කියලා...
මන් එයාව බදාගෙන ඇඩුවා....ඔන්නි මගේ පිටට හෙමින් තට්ටු දානගමන් මට ඇති තරම් අඩන්න ඉඩදුන්නා....

"ශ්හ්හ්හ් දැන් මොකක්ද කරන්න ඉන්නේ නිම්හා?"

"ම්හ්ම්ම්..ම-මන් එයාට ඩිවෝර්ස් එක දෙනවා ඔන්නි......"

"ඔයාට හොදටම විශ්වාසද?"

"දේ......කොල කෑල්ලකට සීමාවුනු බැදීමක් අස්සේ එයාට හිරවෙන්න දෙන්න බෑ......එයාට ලස්සන ජිවීතයක් තියෙනවා...මේ මාස නවයටම අදයි මන් එයාගේ හිනාව චුට්ටක් හරි දැක්කේ.....ඉතින් මන් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනී නේද?"

"එතකොට ඔයාට මොකක්ද වෙන්නේ නිම්හා?"

"මගෙන් කාටද ඔන්නි වැඩක් තියෙන්නේ? දරුවෙක් හදන්න බැරි ගෑනියෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?"

"අමතක කරන්න එපා නිම්හා....දැනටමත් ඔයා ඔම්මා කෙනෙක්.....ඒ පැටව්න්ගේ ඔම්මා ඔයා..ඒ ආදරේ දෙන්නේ ඔයා..."
ඔන්නි එහෙම කියලා මගේ ඔලුව අතගෑවා... කාලෙකට පස්සේ පුදුම සැනසීමක් දැනෙන්නේ.......

මන් ඔන්නි එක්ක කතා කරලා කාමරේට යද්දී ජින් ෆෝන් එකේ මොකක්ද වැඩක් කර කර හිටියේ.....ආයිශ් ඔම්මා මට එයාගේ රූම් එකේ නිදාගන්න දුන්නෙත් නෑනේ.....

මන් බ්ලැන්කට් එකත් අරගෙන බිම නිදාගන්න ප්ලෑන් කරද්දී දොර ඇරගෙන ටේයෝන් ආවා........

"ඔමෝ පැටියෝ ඔයා මොකද මෙහෙ කරන්නේ ආ......."

"ජින් සම්චොල් එක්ක නිදාගල්ල ආවේ මන්....."
එක අතකින් ට්‍රක් එකකුත් තුරුලු කරන් ඇඹරි ඇඹරි කියවනෝ....

"අහ් ඔම්මට කියලද ආවේ?"

"දේ දේ😤 ඒ දෙන්නට ගානක් නෑ......මට දොන්සල් කෙනෙක් ඕලීනම් ගිහින් නිම් ඔම්මා එක්ක නිදාගල්ල කීලා අප්පා කීවා😤😤වෙනදට හැල්මොනිලා ලග නිදාගල්ල කීනවා😤 දොන්ග්සල් ආවාම මන් අප්පව පයින් ගහලා ඇදෙන් බිමට දාල්ලේ😤😤😤😤"
මේ කොල්ලා හැටට හැටේ රවාගෙන කියද්දී මට හිනා....🤦🏻‍♀️ ටේත් මොනා කියනවද මන්දා මේ කොල්ලට....

"හරි එහෙනම් දුවලා ගිහින් ඇදට නගින්න...කෝ දුවන්න ඉතින්..."
මන් එහෙම කිව්වා විතරයි කොල්ලා දුවගෙන ගිහින් පැන්නා..නෑ නෑ ඇදට නෙවේ ජින්ගේ ඇගට🤦🏻‍♀️

"යාඅහ්හ්හ් ටේයෝන්.... සම්චුන්ව මරන්නද හදන්නේ ආආ...."

"අයින් වෙල්ල ඉතින්😤😤😤මට නිදිමතයි.."
ඒ පාර මේ දෙන්නා රණ්ඩු වෙනවා.....ඕනී දෙයක් කරගන්න කියලා මන් හැදුවේ නිදාගන්න...

"නිම් ඔම්මාආආආආආ"
ආයිශ් මේ කොල්ලා...

"වේ ටේයෝනා??🙂"

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now