Chapter 2

2.9K 521 17
                                    

Jungkook's pov

"ඔයා අද මාරම ලස්සනයිනේ කුක්." මගේ කාමරේට ආපු නම්ජුන් හ්‍යුන්ග් කිව්වා.

මම ඇඳගෙන හිටියේ රතු පාට wedding suit එකක්. මේකප් දාපු නූනා ඒ වෙලේ මගෙ කොණ්ඩෙ හදන ගමන් හිටියෙ.

"නම්ජුන් හ්‍යුන්ග්.., මට බය... නෑ මං මේ කියන්න හැදුවෙ මගෙ හිත කලබලෙන් කියලා." ඇත්තටම මම බයෙන් හිටියෙ. අද ඉඳන් මට දන්නෙවත් නැති කෙනෙක් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න වෙනවා. මං V ව ඇත්තටම දැකලවත් නෑ.. එයා ගැන මුකුත්ම දන්නෙත් නෑ. ඒත් පාතාල ලෝකෙ නායකයෙක්ගෙ පුතා විදිහට මට බය කියන්නෙ තහනම් වචනයක්. මොකද අපි වගේ අය කිසිම දුර්වලතාවයක් පෙන්වන්නෙ නැහැ. ඒත් අනිත් අය කොහොම උනත් මට නම් ඕනෙ මේ අපායෙන් ගැලවිලා නිදහසේ ජීවත් වෙන්න.

"ඒයි මට බොරු කියන්න එපා.. මං ඔයාව හොඳට දන්නවා කුක්.. අනික මට ඔයා එක්ක යන්න ඔයාගේ තාත්තගේ අවසරේ ලැබුණා. ඒ හින්දා බය වෙන්න එපා. මම ඔයා එක්ක ඉන්නවා." හැමදාම වගේ මාව ඇත්තටම තේරුම් ගත්ත එකම කෙනා නම්ජුන් හ්‍යුන්ග් විතරයි.

"ඔය ඇත්තමද? තැන්ක්‍යූ ජුනී හ්‍යුන්ග්." මං හ්‍යුන්ග්ව තදකරලා බදාගත්තා.

"හරි හරි.. දැන් යමු. වෙලාව හරි.." නම්ජුන් හ්‍යුන්ග් එහෙම කියලා මගෙ අත අල්ල ගත්තා. මංගල ශාලාවට ඇතුළු උනාට පස්සෙ අප්පච්චි මගෙ අතින් අල්ලා ගත්තා. එයා මාව පෝරුව ළඟට එක්කන් ගියා. මට එහාපැත්තෙන් හිටියෙ හරිම කඩවසම් තරුණයෙක්.. ඉතින් ඒ එයා.. V. මගෙ අනාගත සැමියා. එයා ඇඳන් හිටියෙ නිල් පාට wedding සූට් එකක්. එයා හැමදේකින්ම පරිපූර්ණ කෙනෙක් කියලා මට දකිද්දිම හිතුණා. ඒත් මෙච්චර වෙලා මං එයා දිහා බලන් හිටියෙ කියලා තේරුණාම මං ඉක්මනට බිම බලාගත්තා.

පූජකතුමෙක් ඇවිත් අපේ විවාහ දිව්රුම කියවද්දි අපිත් ඔහුව අනුගමනය කලා. ඊටපස්සෙ තිබ්බෙ මුදු හුවමාරුව. එයා මගෙ අත ඇරගෙන මුද්ද මගෙ වෙදඟිල්ලට දැම්මා. ඒක දම් පාට දියමන්තියක් ඔබ්බවලා හදලා තිබුණා. මං ආසම පාට ඒ.. මගෙ මූණට හිනාවක් ආවා ඒක මතක් වෙද්දි. නොදැනුවත්වම හරි එයා තෝරලා තියෙන්නෙ මං ආසම පාට. ඊටපස්සෙ මමත් එයාගෙ වෙදඟිල්ලට මුද්ද දැම්මා. එයා නම් ඇත්තටම දෙවියො හරි ලස්සනට මවලා තියෙනවා. නහර පිරුණු දිග අත් කෙලවර වෙලා තියෙන ඒ දිගටි අතැඟිලි පවා හරිම ලස්සනයි.

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now