Chapter 19

2K 395 19
                                    


එදා රෑ ජන්ග්කුක් හොඳටම ඇඬුවා.. ඇස් දියවෙනකම් ඇඬුවා. අනිත් අතට V ට දැනුනේ ජන්ග්කුක් නැතුව එයා මැරිලා යයි කියලා. ඒ දෙන්නා එහෙම වෙද්දි ට්සූයු මුලු රෑම ඇහැරගෙන ජන්ග්කුක් ගැන හිතුවා. එයා නොකිව්වට V ටත් ආදරේ කරා.. හැබැයි එයා දැනන් හිටියා V කවදාවත් එයාට ආදරේ කරන්නෙ නෑ කියලා. ජන්ග්කුක් හම්බ වුණාට පස්සෙ එයා ජන්ග්කුක්ට ටිකෙන් ටික බැඳෙන්න පටන් ගත්තා. ඒ මොනවා උනත් ඒ දෙන්නා වෙන් කරන්න තියා ඒ ගැන හිතන්නවත් ට්සූයුට පුළුවන් උනේ නෑ.

(A/N; මං වගේ😉 තේට කොච්චර කැමති හිතුණත්.. කුකීගෙ හුරතලේ ළඟ එයාට හිත යන්නෙ.. ඒ උනාට ඒ දෙන්නා එකට ඉද්දි තමයි ලස්සනම." )

ඒත් ඒක නිසා ජන්ග්කුක්ගෙ ජීවිතේ බේරෙනවා නම් එයාට V ත් එක්ක එකඟ වෙනවා හැරෙන්න වෙන විකල්පෙකුත් නෑ.

Next day;

V ගැස්සිලා ඇහැරුනේ බෙල් එක වදිනවා ඇහිලා. එයා ඊයෙ රෑ නිදාගෙන ඉඳලා තියෙන්නෙ සාලෙ බිම.. ඉක්මනට නැගිටපු V ඇස් පිහදදාම ගිහින් දොර ඇරියා.

"Good morning.."ඇවිත් හිටියෙ ට්සූයු.

"ඇතුලට එන්න.."  V ගෙ කටහඬ ඇහෙන නෑහෙන තරම් වුණා.

"දැන්වත් මට කියනවද මොකද්ද ඔයා මේ කරන්න හදන්නෙ කියලා.." ට්සූයු කෙලින්ම ඇහුවා. ඊයේ මුලු රෑම ඒ ගැන හිතල ට්සූයුගෙ මොලේ විකාර වෙලා තිබ්බෙ.

"මට ඕනෙ ජන්ග්කුක් මාව දාලා යන්න.. එයා හිතුවොත් අපි දෙන්නා යාළුයි කියලා.. අනිවාර්යයෙන්ම එයාම මාව දාලා යනවා.. ඔයා දන්නවනේ බබා වෙනුවෙන් ජන්ග්කුක් ඕනෙම දෙයක් කරයි."

"හරි ඒත් මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඔයාට ඕනෙ ජන්ග්කුක් ඔයාව දාලා යනවා දකින්න කියලා.. ඔයා එයාට ආදරෙයි කියලා මට හොඳට තේරෙනවා.. මේකෙන් වෙන්නෙ ඔය දෙන්නටම බොරුවට දුක් විඳින්න වෙන එක."

"එයාව මගෙ හතුරො ටාගට් කරන් ඉන්නෙ.. මං හින්දා එයාට කරදරයක් වෙනවා දකින්න මං කැමති නෑ.. එහෙම උනොත් මං මට කවදාවත් සමාව දෙන එකක් නෑ.. ප්ලීස් ට්සූයු මං ඔයාගෙන් වැඳලා ඉල්ලන්නෙ.. මට මේ උදව්ව කරන්න. ඔයාගෙන් මෙහෙම දෙයක් ඉල්ලන එකත් වැරදියි.. මං දන්නවා මං මහ නරුමයෙක්.. ඒත් මං පොරොන්දු වෙනවා මං අපේ බබාව.. ඔයාගෙයි මගෙයි ජන්ග්කුක්ගෙයි බබාව පරිස්සමින් බලාගන්නවා කියලා.. ඔයාට බබාව ඕනෙ නෑ කිව්වනේ.. මං එයාව හොඳට බලාගන්නම්.."

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now