Chapter 8

2.5K 474 31
                                    


Third person pov

"V.. පොඩ්ඩක් මං කියන දේ අහලා ඉන්න. මං දන්නවා ඔයා කැමති නෑ ඔයාගෙ ගෙදරට පිට අය එනවට. ඒත් මේක හදිස්සියක්." Tzuyu පැවසුවේ නොසන්සුන් අයුරින්.

"මොකක්ද ප්‍රශ්නේ?" V ඇහුවෙ රළු ස්වරයකින්.

"ම.. මම... මං.."

"මොන මගුලක්ද ඕයි.. තටමන්නැතුව කියන දෙයක් ඉක්මනට කියනවා.. තමුසෙගෙ විකාර වලට මට වෙලාව නෑ."

ජන්ග්කුක් ට්සූයු දෙසත් V දෙසත් මාරුවෙන් මාරුවට බැලීය. ට්සුයු සහ ඔහුගේ සැමියා අතර සිදුවන්නේ කුමක්දැයි ඔහුට තේරුම් ගත නොහැකිවිය.

"ම.. මං pregnant." දිගු සුසුමක් හෙලා ට්සුයු පැවසුවේ බියපත් ස්වරයකින්. ජන්ග්කුක්ගෙ ඇස් ලොකුවුණා.

"එහෙම වෙන්නෙ කොහොමද?? මං තමුසෙ එක්ක හිටපු හැම දවසකම කොන්ඩම් යූස් කරා. මං කොහොමද දන්නෙ ඔය ළමයා මගෙද වෙන කාගෙ හරිද කියලා? මොකෝ තමුසෙ හිටියෙ මාත් එක්ක විතරක් නෙවෙයිනෙ. ඒ ළමයා මගෙ උනත් එකයි නැතත් එකයි මට තමුසෙගෙ ළමයා භාරගන්න බෑ. ආයෙ මෙහෙ එන්නත් එපා. තමුසෙට මං සල්ලි දෙන්නම් ඕන්නම්.. ගිහින් ඔය ළමයා abortion කරලා දානවා." V ගෙ කටහඬ අනුකම්පා විරහිත උනා.

"අනේ V.. මට විශ්වාසයි ඒ ඔයාගෙ දරුවා." ට්සූයුගෙ දෑස් කඳුළින් පිරිලා ගියා.

"මට ඒකෙන් වැඩක් නෑ. මං දන්න එකම දේ මට දැන්ම ළමයෙක් ඕනෙ නෑ." V එහෙම කියලා දොරත් ඇරගෙන ගේ ඇතුලට ගියා. එයා ආපහු දොර වහලා දාපු සද්දෙට ජන්ග්කුක් වගේම ට්සුයුත් ගැස්සිලා ගියා.

"නූනා.. ගෙට එන්න. ඔයාට මහන්සි ඇතිනෙ." ජන්ග්කුක් කිව්වෙ ට්සූයු ඉන්න තත්ත්වෙත් එක්ක එයාට ට්සූයු ගැන දුක හිතුණු හින්දා.

"ඒකට කමක් නෑ උම්ම්....."

"මම ජන්ග්කුක්.."

"අහ්.. ජන්ග්කුක්. මං ට්සූයු.. හමුවීම සතුටක් මල්ලි."

"මට ජන්ග්කුක් කියලා කතා කරන්න නූනා. ඇතුලට යමු.. මං ඔයාට බොන්න මොනවහරි හදලා දෙන්නම්."

"ඒත් V.. මට ඔයාට කරදර කරන්න ඕනෙ නෑ ජන්ග්කුක්."

"මම එයා ගැන බලාගන්නම්කො.. නූනා එන්න... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන."

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now