Chapter 24

2.4K 382 64
                                    

ට්සූයුගෙ මරණෙන් පස්සෙ සතියක් ගෙවිලා ගියා. සුදු මල් මාලයකින් හැඩවෙලා තිබ්බ ට්සූයුගෙ පින්තූරෙ දිහා බලාගෙන ජන්ග්කුක් එයා එක්ක කතා කරා.

"අපිට ඔයා නැතුව පාලුයි නූනා.. ඒත් ඔයා බය වෙන්නෙපා.. ඔයාගෙ දෝණි සනීපෙන් ඉන්නවා." එහෙම කියපු ජන්ග්කුක් හැරුණෙ තොටිල්ලෙ නැලවෙන බබා දිහාට.

ට්සුයුගේ මරණෙන් පස්සෙ එයාලා එයාගෙ අවමංගල්‍ය කටයුතු සරල විදිහට සිද්ද කරා. ජන්ග්කුක්ගේ තාත්තටත් දැන් ගොඩක් දුරට හොඳයි.. එයා දැන් ගෙදර ඉඳන් විවේක ගන්නවා. V යාලුවො එක්ක එකතුවෙලා පාතාලෙත් එක්ක තිබ්බ හැම ගණුදෙනුවක්ම නතර කරලා දාලා එයාලගෙ ලීගල් බිස්නස් ටික කරගෙන යන්න පටන් ගත්තා.

ට්සූයුගෙ අවමංගල්‍යයෙන් පස්සෙ ජන්ග්කුක් තාත්තා එක්ක ගෙදර ගියා.. එයා ගෙදර ඉඳන් තාත්තව බලාගත්තා. එයාට V එක්ක එයාගෙ ගෙදර එකට ඉන්න ඕනෙ උනේ නෑ. කොහොමහරි V ට තනියම බබා බලාගන්න බැරිවුණා.. නැනී කෙනෙක්ව ගන්නත් V කැමති උනේ නෑ. ඒ හින්දා එයා ඇවිත් ජන්ග්කුක්ට ඇවිටිලි කරා ආපහු ගෙදර එන්න කියලා. ඉතින් බබා වෙනුවෙන් ජන්ග්කුක් ආයෙමත් ආපහු ආවා.

බිත්තියේ එල්ලලා තිබ්බ ට්සූයුගෙ පින්තූරෙ දිහා බලද්දි තමයි එයාට ට්සූයුගෙ ලියුම ගැන මතක් වුණේ. එයා කාමරේට ගිහින් ලියුම හොයන්න ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින්ම ජන්ග්කුක් ඒ ලියුම හොයාගත්තා.

ආදරණීය ජන්ග්කුක්,

ඔයා දන්නවද, මං මේක ලියන්නෙ මගෙ හිත නිදහස් කරගන්න. අවංක හැඟීමෙන් මාව බලාගත්තු එකම කෙනා ඔයා ජන්ග්කුක්.. ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතියි.

දන්නවද කුකී.. මං පොඩි කාලෙදිම මට මගෙ අම්මයි තාත්තයි නැතිවුණා. ඒත් එයාලා මං වෙනුවෙන් සල්ලි වගේම දේපළත් ඉතිරි කරලා තිබ්බා. එයාලා මාව දාලා ගියාට පස්සෙ මගෙ නැන්දි තමයි මාව බලා ගත්තෙ. ඒත් එයා මගේ දේපළ වලට කෑදර නිසා තමයි මාව භාර අරන් තිබුණෙ. එයා මට කන්න බොන්න අඩුපාඩු හැමදේම දුන්නා.. ඒත් එයාගෙ ළමයින්ට වගේ මට ආදරේ කරේ නෑ.. මං ගැන හෙව්වෙ බැලුවෙ නෑ..
ඒ හින්දා මම එන්න එන්න මුරණ්ඩු වෙන්න සෙල්ලක්කාර වෙන්න පටන් ගත්තා. කාලයක් ගියාට පස්සෙ මං ලස්සන කෙල්ලෙක් විදිහට ලොකු උනත් මගෙ මුරණ්ඩු ගති වල අඩුවක් උනේ නෑ.
මට අවුරුදු 20 දි තමයි මුලින්ම V ව හම්බුණේ. මට හම්බුනු කඩවසම්ම වගේම දරදඬුම පිරිමියා එයා. ඒ නිසයි මං එයාට කැමති වුණේ. එයාට ළං වෙද්දිත් මං දැනන් හිටියා එයා relationship වලට කැමති නෑ කියලා.. මටත් ඒ කාලේ කොහොමත් relationship ඕනෙ උනේ නෑ. එහෙම බැලුවම අපි දෙන්නම එක වගේ. එයා ක්ලබ් ආවම එක එක කෙල්ලො එක්ක හිටියෙ.. මාත් එහෙමයි. ඒත් කාලයක් යද්දි V යි මායි හොඳ යාලුවො උනා. යාලුවො කිව්වට friends with benefits.. අපි දෙන්නා එකටම ඉන්න පටන් ගත්තා. එයාට ප්‍රශ්නයක් උනාම ඒ පීඩනේ නැති කරගන්න මාව හොයාගෙන ආවා. ඔය විදිහට කාලයක් යද්දි මටත් නොදැනිම මං එයාට ආදරේ කරන්න පටන් ගත්තා. ඉතින් මං ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම මං ගොඩක් සතුටු උනා. මට V ට ඒ ගැන කියන්න ඕනෙ උනත් එයා මාව පිළිගන්නෙ නෑ කියලා මං දැනන් හිටියා... අනික එතකොට ඔය දෙන්නා බඳින්න යන්නෙ කියලත් මං දැනගත්තා. ඒ හින්දා මට එයාට කරදර කරන්න ඕන වුණේ නෑ. මම හිතුවා මට තනියම මගේ දරුවා හදාගන්න පුළුවන් කියලා. ඒත් මට රක්තහීනතාවය කියලා දැනගත්තම මං අසරණ වුණා. මගෙ තත්ත්වෙන් බබෙක්ව හදන්න අමාරුයි කියලා ඩොක්ටර් කිව්වා. ඒත් මට බබාව නැති කරන්නවත් මගෙ නැන්දිට එයාව දෙන්නවත් ඕනෙ උනේ නෑ. ඒකයි මං අන්තිමේදි V ව හොයන් ආවෙ. ඒත් එයා දරුවව පිළිගත්තෙ නෑ කියලා ඔයා දන්නවනේ.
එදා තමයි ඔයා මගෙ ලෝකෙට ආවෙ. මං ඔයාව දැක්ක ගමන් දැනගත්තා ඔයාට තියෙන්නෙ ඉක්මනට උණු වෙන ආදරණීය හදවතක් කියලා. ඒකයි මම එදා ඔයාට කිව්වේ මට බබාව එපා කියලා. කොහොමහරි ඔයා බබාව බාරගන්න කැමති වුණා. ඔයා මාත් එක්ක ක්ලිනික් යන්න පවා ආවා. මං කැමති දේවල් ගෙනත් දුන්නා.. මගෙ තනිය මැකුවා.. මගෙ ප්‍රශ්න වලදි මං ළඟින් හිටියා.. එච්චර ආදරෙන් මාව බලාගත්තු ඔයාට මං ආදරේ උනු එක පුදුමයක් නෙවෙයිනෙ නේද? ඔව් මං ඔයාට ආදරේ කරා කුකී.. මං දැනන් හිටියා ඔයා V ට ආදරෙයි කියලා.. ඒකයි මං කවදාවත් මගෙ හැඟීම් ගැන ඔයාට ඇඟෙව්වෙ නැත්තෙ. අනික මං දැනන් හිටියෙ මං ඉක්මනට මැරෙනවා කියලා...

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now