Chapter 13

2.5K 436 16
                                    

I fell in love with you...
I don't know how..
I don't know why..
I just did💜️

V's pov

මම එයාට කැමතියි.. මං ජන්ග්කුකීට ගොඩක් කැමතියි.. නෑ ඊටත් වඩා.. මං හිතන්නෙ මං එයාට ආදරෙයි. ඒක කවදා කොහොම ඇතිවුණාද කියලා මං දන්නෙ නෑ.. ඒත් මං දන්නවා දැන් එයා නැති ජීවිතයක් මට නෑ කියලා. උදේම නැගිටිද්දි ඒ හුරතල් මූණ දැක්කම මගෙ දවසම හොඳයි.. මං හිතන්නෙ මට පිස්සුද කොහෙද.. ඒත් ඒ පිස්සුවටත් මං කැමතියි.

"හ්‍යුන්ග්.." ජන්ග්කුක්ගෙ කටහඬට මං මනෝලෝකෙන් මිදුණා.

"ඇයි ?? එන්න, මං මෙහේ..."

ජන්ග්කුක් ඊයෙ රෑ හ්‍යුන්ග්ලට නවතින්න කිව්ව නිසා අපිට ඊයෙ මුකුත් කරන්න බැරිවුණා. මගෙම කරුමෙ ඒකනම්.

"අපි අද එළියට යමුද?" මං ළඟට ආපු ජන්ග්කුක් ඇහුවා. එයාගෙ දිලිසෙන බෝල ඇස් දිහා බලාගෙන කොහොමද ඉතින් බෑ කියන්නෙ?

"හ්ම්ම්"

"හුම් හුම් කියන්නෙ?"

"හරි හරි.. මම අද රෑට ඔයාව date එක්කට එක්කන් යන්නම්."

"කවුද කිව්වේ date එකක් කියලා?" ඒ පාර කොල්ලට ලැජ්ජා හිතිලා.

"මම කියන්නේ.. ගිහින් ලෑස්ති වෙලා එන්න."

ජන්ග්කුක් හිනාවෙලා උඩ පැන පැන කාමරේට දිව්වා. හාවෙක් වගේමයි..

"ඒයි ජිමිනො.. මට ඔයාගෙන් උදව්වක් ඕනේ." මම ජිමින්ට කතා කරලා වෙන්නෝනෙ දේ කිව්වා. ජිමින් මං කියපු විදිහට කරන්න එකඟ වුණා.
.
.
.
.

Third person pov

"මම හරියෝ?" ජන්ග්කුක් ලෑස්ති වෙලා කාමරෙන් එළියට ඇවිත් කෑගැහුවා. ඒත් එයාට කිසිම සද්දයක් ඇහුණෙ නෑ.. පේනතෙක් මානෙ කවුරුවත් හිටියෙත් නෑ.

"හ්‍යුන්ග්.. හ්‍යුන්ග්... මාව බය නොකර හැංගිලා ඉන්න තැනකින් එන්න එළියට.." ජන්ග්කුක් එහෙම කිව්වත් කිසිම ප්‍රතිචාරයක් නම් ලැබුණේ නෑ. එකපාරටම එයාගෙ ඇස් සෝෆා එක උඩ තිබ්බ රතු පාට ලියුම් කවරයක් ළඟ නතරවුණා. ඒකෙ තිබ්බෙ 'driver එක්ක එන්න.. එයා ඔයාව මං ළඟට එක්කන් එයි' කියලා.

"ආයිශ් මේ මෝඩයා... තව පොඩ්ඩෙන් මට heart attack එකක් එනවා." V ගෙ විකාර වැඩ වලට හිතින් බැන බැන ජන්ග්කුක් දොර වහලා කාර් එක ළඟට ගියා.

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now