Chapter 11

2.4K 447 12
                                    

Third person pov

මාසයක් ගත වෙලා ගියා. ජන්ග්කුක්, V දෙන්නා එන්න එන්නම දුරස් වුණා. මේ කාලෙම ජන්ග්කුක් ට්සූයු එක්ක ගතකරා. මොකද එයා තනියෙන් හිටපු නිසා එයාට උදව් කරන්න වෙන කවුරුත් හිටියෙ නෑ. V හැමවෙලේම වගේ එයාගෙ වැඩ වලට එළියට ගියා. එයා ගෙදර රැඳෙන ප්‍රමාණය එන්න එන්නම අඩුවෙලා ගියා. V එයාගෙ සතුරන්ට තවදුරටත් අනුකම්පා කරේ නෑ. ජන්ග්කුක්ගෙ තරහ V පිටකරේ එයාලගෙන්. එයාගෙ ඉවසීමත් එන්න එන්නම අයහපත් තත්ත්වයකට හැරුණා. ඒ හින්දම හ්‍යුන්ග්ලා වගේම එයාලට වැඩ කරපු අනිත් අයත් V ව තරහ ගස්සන්න බයවුණා.

"V හදිස්සියක්.. අපි ඉක්මනට යමු." ඔෆිස් එකට කලබලෙන් දුවන් ආපු සුගා කිව්වෙ හතිදානගමන්.

"ඇයි මොකද්ද ප්‍රශ්නෙ?" හොබී සුගා දිහාට හැරුණා.

"ජන්ග්කුක්.." සුගාගේ කටින් ඒ වචන පිටවෙද්දිම V තත්පරයක්වත් නාස්ති නොකර නැගිට්ටා. 
.
.
.
.
.

ට්සුයුව බලන්න එයාගෙ ගෙදර ගියපු ජන්ග්කුක් හිටියෙ ආපහු එනගමන්. හදිසියේම කළු පාට කාර් එකක් ඇවිත් එතනින් නතරවුණා. ඒත් එක්කම උස මහත හැඩිදැඩි මිනිස්සු දෙන්නෙක් ජන්ග්කුක්ගෙ මාර්ගය අවහිර කළා.

"Excuse me mister, ඔයාලා මගෙ පාර අවහිර කරනවා." ජන්ග්කුක් කිව්වෙ එයාලා දිහා රවලා බලන ගමන්.

"හහ් ඉතින්..?? ඔයා මොනාද කරන්න යන්නේ? ඔයාගෙ ආදරණීය හස්බන්ඩ්ට ඇවිත් ඔයාව බේරගන්න කියලා අඬනවද?" එකෙක් කියද්දි එතන හිටපු අනිත් මනුස්සයා හයියෙන් හිනාවුණා. ජන්ග්කුක්ට මලපැන්න පාර එයා ඒ මිනිහට ගැහුවා.

"@#%& ජේම්ස්.. මූව අල්ලගන්න. අපි එයාව අපේ ලොක්කා ළඟට ගෙනියන්න ඕන.. සමහරවිට මේ වගේ හුරුබුහුටි ලස්සන කොල්ලෙක් රහ බලන්න බොස් අපිටත් අවස්ථාවක් දෙයි." ජන්ග්කුක් ගහපු මිනිහා ජේම්ස් කියලා හඳුන්වපු අනිත් මිනිහට එහෙම කිව්වා.

ඒ වචන ටික ජන්ග්කුක්ගෙ තරහ අවුස්සන්න ප්‍රමාණවත් වුණා. ජේම්ස් පිටිපස්සෙන් ඇවිත් ජන්ග්කුක්ගෙ අත්දෙක අල්ලගන්න හැදුවත් ජන්ග්කුක් එයාගෙ වැලමිටෙන් ඒ මිනිහගෙ බඩට තද පාරක් එල්ල කරා. ඒ පාරෙ සැරට ඒ මිනිහා බඩත් අල්ලගෙන බිම වැටුණා. ජන්ග්කුක් පෙනුමෙන් සියුමැලි උනාට එයාට හොඳට සටන් කරන්න පුළුවන්. මාෆියා පවුලක උරුමක්කාරයෙක්ට සටන් කරන්න බැරිවෙන්න හේතුවක් නෑනෙ කොහොමත්. ජන්ග්කුක්ටත් එහෙමයි. පොඩිකාලෙ ඉඳන්ම ජන්ග්කුක් සටන් කලාවට දක්ශයි.

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now