Chapter 14

2.5K 437 32
                                    


V's pov

උදේ නැගිටපු ගමන් මගෙ ඇස් ගියෙ මට එහා පැත්තෙන් නිදන් ඉන්න ජන්ග්කුක් දිහාට. එයා මගෙ තුරුලට වෙලා හරි අහිංසක විදිහට නිදන් හිටියෙ. මගෙ අත මටත් නොදැනිම ඇවිත් ඒ ලා රෝස කම්මුලක් උඩ රැඳුණා.

ඊයේ දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස. මට මේ දැනෙන හැඟීම හරිම නුහුරු දෙයක් උනත් ඒ හැඟීමට මං ගොඩක් කැමතියි. හැමදාම උදේ නැගිටිද්දි මේ විදිහට එයා මං ළඟින් ඉන්නවා දකින්නයි මට ඕනෙ. හැබැයි මට එක දෙයක් හොඳට තේරෙනෙවා.. ජන්ග්කුක් ටික ටික මාව වෙනස් කරනවා. මං දැන් හිටියට වඩා ගොඩක් වෙනස් කෙනෙක්.
තවත් ටික වෙලාවක් ඒ මූණ දිහා බලන් හිටපු මං ඒ නළල හිමීට කිස් කරා. ඒත් එක්කම කෙඳිරි ගාන ගමන් එහාට මෙහාට දඟලපු ජන්ග්කුක් ඇස් ඇරියා.

"ගුඩ් මෝර්නින් බනී.." ඒ තොල් උඩින් සිනිඳු හාදුවක් තියන ගමන් මං කිව්වා.

'ගුඩ් මෝර්නින්." ඇස් දෙකත් පිහදදා කොල්ලා මිමිණුවා.

එයා දිහා බලද්දි මට හිතෙන්නෙම ඉඹගෙන ඉඹගෙන යන්න. මං ඉතින් එයාව මගෙ තුරුලට ළං කරගත්තෙ එයාව කිස් කරනගමන්. එයත් මාව ආපහු බදාගත්තා.
.
.
.

"අපි අද මොනාද කරන්නෙ??" උදේට කන ගමන් ජන්ග්කුක් ඇහුවා.

"ම්ම්ම් අපි අද ක්ලබ් යමු.. හ්‍යුන්ග්ලටත් කියමු."

"ඒකනම් හොඳයි.. මට එයාලව බලන්න ඕනෙ."

"ඇයි ඔයාට එයාලව බලන්න ඕනෙ? ඔයාට මං ඉන්නවනෙ..  ඒ හින්දා අනිත් අය දිහා බලන්න එපා. ඔයාට මං දිහා බලන්න විතරයි අවසර." මං එහෙම කිව්වෙ ඉරිසියාවට එහෙම නෙවෙයි.

"ආයිශ් බබෙක් වෙන්නෙපා හ්‍යුන්ග්. මං එයාලා දිහා බලන්නෙ ඔය දිහා බලන විදිහට නෙවෙයි.. මට එයාලව මතක් උනු නිසයි එහෙම කිව්වෙ. මගෙ හිතේ ඔයා ගැනයි එයාලා ගැනයි තියෙන හැඟීම වෙනස්." ජන්ග්කුක් මට රවන ගමන් එහෙම කිව්වා.

"මොකද්ද වෙනස?"

"වෙනස් නේන්නම්.. ඔයා මගෙ හස්බන්ඩ්.. එයාලා මගෙ යාලුවො." ඒක කියද්දි ජන්ග්කුක්ගෙ කන් ලාවට රතුවෙනවා මං දැක්කා.
.
.
.
.

Third person pov
@club

"ජන්ග්කුකාහ්.. ඔයා නැතුව පාලුවෙන් හිටියෙ අපි.." එකපාරටම ජිමින් ජන්ග්කුක්ගෙ ඇඟට පැන්න පාර ජන්ග්කුක් ගැස්සිලා ගියා.

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now