Chapter 21

2K 390 17
                                    

ජනේලෙන් ඉර එළිය මූණට වැටෙද්දි ජන්ග්කුක් කෙඳිරි ගාන ගමන් ඇස් ඇරියා.

"Good morning ඉර මාමේ." ජන්ග්කුක් ඉරත් එක්ක හිනාවුණා. ඒත් එයාගෙ මූණ ඒ එක්කම අඳුරුවුණා.

"හ්‍යුන්ග්ග්... ඔයා හොඳින්ද?? මට මහ මූසල ගතියක් දැනෙනවා.. ඇයි කියන්න දන්නෙ නෑ.. ඒත් ඔයා පරිස්සමින් ඉන්න." ජන්ග්කුක් ඇඳෙන් නැගිටලා යන්න කලින් මිමිණුවා.

ජන්ග්කුක් යුගියොම් එක්ක හිටියෙ හරිම සැහැල්ලුවෙන්. යුගී එයාට හොඳ උපදේශක කෙනෙක් උනා.. එයා යුගී එක්ක ශොපින් ගියා.. ෆොටෝස් ගත්තා..වීඩියෝ ගේම් ගැහුවා.. කොහොමහරි ජන්ග්කුක් වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උනා.. කොහොමත් එයා ඒවට ගොඩක් දක්ශයි. ජන්ග්කුක් සින්දු කියන්න ඩාන්ස් කරන්න ආස නිසා යුගී එයාව ක්ලාස් එක්කට දැම්මා.. එහෙම තමයි ජන්ග්කුක්ට ජැක්සන් හම්බුණේ. එයා ජන්ග්කුක්ගෙ ක්ලාස් එකේ කෙනෙක්. ජන්ග්කුක් මැරීඩ් කියලා දන්නැතුව ජැක්සන් ජන්ග්කුක්ට කැමති වුණේ.. ඔව් ජන්ග්කුක් V ව දාලා ආවට එයාලා තාම ඩිවෝස් උනේ නෑනේ.. ජන්ග්කුක් ඒත් කල්පනා කරා ඇයි V තාම ඩිවෝස් එක ඉල්ලුවෙ නැත්තෙ කියලා.

"යුගී මං යනවා..." ගෙදරින් යන්න කලින් ජන්ග්කුක් කෑගැහුවා. යුගියෝම්ට හෝටලයක් තිබ්බා. තරු පහේ හොටෙල් එකක්. ඒ හින්දා ජන්ග්කුක් එක්ක හැමවෙලේම ඉන්න එයාට වෙලාව තිබ්බෙ නෑ. අනික යුගීට කරදර කරන්න ජන්ග්කුක් කැමති වුණෙත් නෑ.. ඒ හින්දා ජන්ග්කුක් ක්ලාස් ගියේ තනියෙන්. නිදහස් වෙලාවට ජන්ග්කුක් යුගීගෙ වැඩ වලට උදව් කරේ කළගුණ සැලකීමක් විදිහට...

"හායි ජන්ග්කුක්.. යමු.. මං ඔයාව එක්කන් යන්නම්." ජන්ග්කුක් ඒ කටහඬට හැරිලා බලද්දි තමයි දැක්කෙ ජැක්සන්ගෙ කාර් එක.

"ආයිශ්.. දැන් මං කොහොමද මෙයාව මගාරින්නෙ... මලවදේ." ජන්ග්කුක් එහෙම හිත හිතම ගිහින් කාර් එකට නැග්ගා.

"හම්මෝ.. ජන්ග්කුක්.. ඔයා දන්නෙ නෑ මට අද කොච්චර සතුටුයිද කියලා. තැන්ක්‍යූ කුක්.." ජැක්සන්ගෙ මූණ හිනාවකින් එළිය වෙලා තිබ්බා.

"හ්ම්ම් එහෙමද.." ජන්ග්කුක් කිව්වේ අහක බලාගෙන..

"හ්ම්ම්.. ඉතිං ජන්ග්කුක් ඔයා මගේ යෝජනාවට මොකද කියන්නෙ?" යනගමන් ජැක්සන් කෙලින්ම ඇහුවා.

Mafia Lovers !TK! [Sinhala-Completed] Where stories live. Discover now