\ (•◡•) / ➡ 06

1.1K 313 11
                                    


දවස් කීපයක් ගෙවිල ගියා...







දැන් මමයි Jungkook යි ටිකක් විතර අදුරනවා...



අදුරනවා කියන්නෙ අපි තාම දන්නෙ අනිත් කෙනාගෙ නම විතරයි..

අහ්හ්හ් තව එයා දන්නව මම Collage student කෙනෙක් කියලා.
ඒ ඇරෙන්න වෙන මුකුත් අපි, අපි ගැන දන්නෙ නෑ....

ඒත් අපි අපිට සුහදව කතා බහ කරන ගන්නවා...








දැන් මම හැමදාම උදේට නැගිටින්නේ Jungkook ව බලන්න යන්න හදිස්සියෙන්...

හවසට Collage ඉවර වුණ ගමන් එළියට දුවන් එන්නෙත් Jungkook ව බලාගන්න හදිස්සියෙන්...













එයාව මට මුණගැහුණ දවසෙ ඉදලා ආපහු කවදාවත් මම club එක පැත්ත පලාතට ගියේ නෑ.....



හරි හැටි හේතුවක් දන්නෙ නැති වුණත් වෙන කෙල්ලෙක් එක්ක පොඩි විනෝදයක් ගන්නව කියන එක දැන් මට පිළිකුල් වෙලා... ඊටත් වඩා ඒක වැරැද්දක් කියල හිතෙන්න පටන් අරන්......















Suga ටත් මේ ළඟදි ඉදන් මගේ සිද්ධ වුණ වෙනස ගැන තේරිලා තිබ්බා....

එයා ඊයේ ඒක ගැන මගෙන් ඇහුවා....













කවදාවත් මගේ කිසිම දෙයක් එයාට හංගන්නනෙ නැති මම සිද්ධ වුණු හැමදේම, මට දැනෙන හැමදේම එයා එක්ක බෙදා ගත්තා.....












ඒත් එයා ඒ ඔක්කොම අහන් ඉදලා අන්තිමට මට කිව්වෙ.....













🐱 - " Taehyungaa.... උඹ ඌට ආදරේ කරනවා යකෝ. "







Next________▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now