ツ...Author Note. . .ツ

1.1K 249 109
                                    



ඔන්න එහෙනම්
CAN YOU BE MY MAN
ඉවරයි.😁❤









ඇත්තටම මේක ගොඩක් පුංචි කතාවක්.
ඒත් මට මේකෙන් ඔයාලට කියන්න ඕනි දේවල් කීපයක් තිබ්බා...





පොඩි ළමයි හැමතිස්සෙම තමන්ගෙ අම්මගෙ තාත්තගෙ ආදරේ බලාපොරොත්තු වෙනවා. එයාලගෙ අවධානෙ බලාපොරොත්තු වෙනවා..

මේ කතාවෙ Taehyung ගෙ චරිතෙ ගත්තොත් එයා පුංචි කාලෙ ඉදන්ම තනි වෙලා. එයාට ආදරේ කරන්න, එයා එක්ක එයාගෙ දේවල් බෙදාගන්න එයාට කියල කිසි කෙනෙක් හිටියෙ නෑ...
ඒ නිසා එයා සමහර වැරදි දේවල් වලට යොමු වුණා..

මම ගොඩක් නරක විදියට ඒ චරිතෙ මෙතන පෙන්නුවෙ නැතත්
ඇත්ත ජීවිතේදි දෙමව්පියන්ගෙ ආදරේ නොලැබුණු දරුවෙක් මීට වඩා ගොඩක් නපුරු, නරක චරිතයක් වෙන්න පුළුවන්...
කවුරු හරි කෙනෙක් ඒ දේවල් නිසා ඒ ළමයට විතරක් දොස් කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි දෙයක්...
මොකද ඒ ළමයා ඒ තත්වෙට වැටුනෙ ඒ දෙමව්පියන්ගෙ නොසැලකිල්ල නිසා.







ආදරේ කියන දේට හමේ පාට, වයස, කුලය, උගත් නූගත්කම, sextuality එක වගේ කිසිම දෙයක් වැදගත් වෙන්නෙ නෑ...
ආදරේ කියන්නෙ එක ලස්සන හැඟීමක්...
කෙනෙක්ගෙ හදවතේ ඇතිවෙන පිවිතුරු හැඟීමක්...
ඒ හැඟීම කවදා, කොතනදි, කවුරු, කා වෙනුවෙන්, කොහොම ඇතිවෙනවද කියන්න අපි කවුරුවත් දන්නෙ නෑ....

ඒත් මතක තියාගන්න....
ආදරේ කියන්නෙ අනුකම්පාව නෙවෙයි.
ආදරේ කියන්නෙ ආකර්ෂණයත් නෙවෙයි.
ආදරේ කියන්නෙ ආදරේට...
ඒක ගොඩක් පූජනීය හැඟීමක්.
පටලවගන්න එපා...









පණ්ඩිත කතා ඇති නේ...😂😂😂😂


එහෙනම් ගිහින් එන්නම්...👋👋

කතාවෙ අඩුපාඩු ගොඩක් තියෙන්න ඇති.
මොකද මම ගොඩක් හදිස්සියෙන් ඒක ලිව්වෙ.
ඒ නිසා සමාවෙන්න..... 🙏

ඔයාලා ටිකක් හරි මේ කතාව රසවින්ද නම් ඒක තමයි මගේ සතුට.

අහ්හ්හ තව,,,,
මේ කතාව ගැන මොකක් හරි ඔයාලට දැනෙන දෙයක් හැමෝම කියාගෙන යන්න.
Please!!!!!.....
මොකද මට ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා.💕💕💕










හැමෝටම ආදරෙයි....❤

ඔයාලගෙ ඕතර් අක්කි,
Little_vixen 🐺💜



ඔයාලගෙ ඕතර් අක්කි,Little_vixen 🐺💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now