\ (•◡•) / ➡ 10

1.1K 306 12
                                    






වෙලාව හවස 6.40 ටිකක් පහුවෙලා...

සාමාන්‍ය ඇදුමකුත් ඇදගෙන, cap එකකුයි mask එකකුයිත් දාගෙන මගේ car එකේ තනියම මම ආවෙ Collage එක ළඟ බේකරි එකට....

බේකරි එක හැමදාම ඇරලා තියෙන්නෙ හවස 6.30 විතර වෙනකන් විතරයි...

ඒ නිසාම මට පොඩි බයක් තිබ්බා මෙච්චර හදිස්සියෙන් ආවත් අද Jungkook ව දැකගන්න මට බැරිවෙයිද කියලා...


ඒත් මගේ වාසනාවට එයා බේකරි එකේ දොරත් ලොක් කරගෙන එළියට ආවෙ ඒ වෙලාවෙමයි....
පස්සෙ එයා පාර අයින දිගේ හිමීට ඉස්සරහට ඇවිදගෙන ගියා,.....



මාත් එයාට නොදැනෙන්න මගේ වාහනේ එයාගෙ පස්සෙන් අරන් ගියේ එයා කොතන හරි තැනක නවතිනකන්...






විනාඩි ගානකට පස්සෙ එයා නැවතුනා...

එතන තිබ්බෙ පොඩි park එකක්....


එයා එතන තිබ්බ bench එකකින් ඉදගෙන මොනහරි දෙයක් කන ගමන් ඈත සෙල්ලම් කරන ලමයි දිහා බලාගෙන හිටියා.....




ඒ වෙලාවෙ මං හිමීට Car එකෙන් බැහැලා එයා ගාවට ගියේ එයාට ටිකක් කතා කරන්න.....






🐯 - " J-Jungkook "

🐰 - " ohh Taehyung...

ඔයා මොනාද මෙතන කරන්නෙ ? "

🐯 - " මම......මම මේ ඔයාව හම්බුවෙන්න ආවෙ.... "

🐰 - " ආයෙත් ඊයෙ කියපු ටිකම කියන්නද ආවෙ !
අහ්හ්~

කමක් නෑ මෙතනින් ඉදගන්නකො... "

එයා එයාගෙ එහා පැත්තට අතින් තට්ටුවක් දාලා මටත් එතනින් ඉදගන්න කිව්වා.


🐰 - " ඔයා මට ආදරේ කරන්න කලින්, මං ගැන ඔයා මොනාද දන්නෙ කියන්න Taehyung.... "

🐯 - " මං....මං ඔයාගෙ නම දන්නව....
ඒ වගේම ඔයා ගොඩක් අහිංසකයි, කරුණාවන්තයි, මහන්සි වෙලා වැඩ කරනවා, පවුලෙ අයට ආදරෙයි, ......

ඔයාට ලස්සන හදවතක් තියනවා.... "

🐰 - " ඒ වගේම ඔයා දැනගන්න ඕනේ මට දැන් අවුරුදු 25 ක්...
මම ඔයා තරම් පෝසත් නෑ..
ඔයා තරම් උගත් නෑ...
ඔයාට වඩා වගකීම් තියනව මට... "

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now