සෝස් පෑන් එක...🙄😂

702 184 291
                                    

"වල්වයිඩ් හැන්ඩ්සම් ජින් යූ නෝව්, ඔයා ඉන්නවා නේද?" සියුස් ඇහුවේ නංජූන් දෙයියා වගේ අර කොල්ලගේ නමත් වැරදි විදිහට කියවුණාද කියලා හිතන ගමන්.

"ආ... ඔව් සෑර්. මං ඉන්නෝ..." එක පාරම එහා පැත්තෙන් ඝන්ටාරයක් වගේ කටහඬක් ඇහුණේ මීටිමේ හිටපු දේවසභාවම උඩ යවන ගමන්. ඒත් එක්කම ඒ ටකරං කටේ අයිතිකාරයා කැමරාවත් ඔන් කරා. 

ඒ පාර නම් ඇෆ්‍රොඩයිට් ගේ කට එයාටත් නොදැනිම ඇරුණේ ඒරිස්ව විතරක් නෙවෙයි දැන් ටිකකට කලින් හිත ගියපු නංජූන් දෙයියවත් අමතක කොරලා.

"ඒයි ඇෆ්‍රොඩයිට්, ඔය කට වහගත්තොත් හොඳ නැද්ද?" ඩයනයිසියස් ඇහුවේ අහළක තිබුණ මිදි ගෙඩියක් කටට දාගන්න ගමන්මයි. "නැත්තං හෙට උදේ ඉයොලස්ගේ අර විනාඩි දොළහේ නිවුස් එකේ විනාඩි දොළහෙන් දොළහට යයි, ආදරයේ දෙවඟන මැස්සෙක් ගිලීම හේතුවෙන් මේ වන විට ඔලිම්පස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි කියලා." ඒ කියපු එකටනම් ඇෆ්‍රොඩයිට් හොඳ සිහියට ඇවිත් අර කට වහගත්තා. නැත්තං ඉතින් ආදරේ ගින්දරක් කියලා නම්බුව ලෙප්ට් කරගන්නයි වෙන්නේ කියලා එයා හොඳට දැනන් හිටියා.

"ආ... හොඳා. ඔය ළමයා එහෙ-" සියුස් වල්වයිඩ් කොල්ලට කියන්න ගියපු එකට එකපාරම උදැල්ලක් දැම්මේ වල්වයිඩ් හැන්ඩ්සම් කොල්ලම තමයි.

"කැහ්! කැහ්! සර්, මට පොඩි හදිස්සියක්. මේකයි, මගේ මල්ලි කියන හෝතඹුවා අපේ සෝස පාට ලස්සන කිචන් එක දුමින් පුරවලා. මං ඉක්මනට ගිහින් එන්නං ඈ..." එහෙම කියන ගමන් කැමරාව ඉස්සරහා හිටපු‌ කොල්ලා එතනින් නැඟිටලා ගියේකැමරාවවත් මයික් එකවත් ඔිෆ් කරන්නේ නැතුව.

"ඔියි! යොන්ජුනා... තවුසේ මගේ ලස්සන සෝස පාට පෑන් එක ගිනි තියලා! මෙහෙ එනවා... පිටතඹල හෝතඹු හම්බාවා!!! අද දෙකෙන් එකක් බේරගෙන තමයි මං නවතින්නේ!!!" වල්වයිඩ් එහෙම කෑගහනකොට ඒ පැත්තෙන් ඇහෙන දේවලුයි වෙන දේවලුයි දේව මණ්ඩලේ හොඳට බලාගෙන හිටියේ.

"ආාාාාා! මෙන්න මිනී මරනෝ!!!" ඒ පාර ඒ පැත්තෙන් තව කොල්ලෙක් කෑගහනවා ඇහුණා. ඒත් එක්කම කැමරාව ඉස්සසරහින්හ කොල්ලෙක් දුවගෙන ගියේ ඔලිම්පික් රේස් එකකට පුරුදුවෙන්න වගේද නැත්තන් අසූහාරදාහට නැඟපු බල්ලෙක් පස්සෙන් එලවනවා වගේ ෆීලින්ග් එකක් ආපු නිසාද කියලා අනිත් ඈයොන්ට හිතාගන්ට බැරිවුණා.

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now