"නිදි?" පැත්තක හිටපු ජන්ග්කුක් උඩ පැනලා එක පාරම බෙරිහන් දුන්නා. "නිදි නම් ඔය කතා කරන එකා මොකාද?"
"මං සැරයක් තමුන්ට කිව්වනේ මම නිදි. මට කරදර කරන්නෙපා." එහෙම කියලා ඒ කටහඬ ආයෙත් නිශ්ශබ්ද වුණා.
"අහේතු කාලේ ඉබ්බා දියේ දැම්මම කණ කැස්බෑවා රුපු යුදය නැති නිසා කඩුවෙන් කොස් කොටන්නා වගේ කිව්වලු. නිදාගන්න ගමන් කතාකරන්න- මොකෝ තමුන්ට ඩොල්ෆින්ලත් එක්ක නෑදෑ කමක් තියෙනවද?" එක පාරම අමුතු චූන් එකක් ඇවිත් හිටපු ඩී අංකල්- වැරදුණා ඩී දෙයියා ඇහුවේ තමන් අවුරුදු දාස් ගාණකට කලින් නරුම මිනිස්සු ටිකක් ඩොල්ෆින්ලා කළා නේද කියලා මතක් කරන ගමන්.
"අපි කවද්ද යකෝ ඩොල්ෆින්ලගේ නෑදෑයො උණේ?" එක පාරම අර නිදිමතකාරයාගේ කටහඬ ටිකක් සද්දෙට ඇහුණා. "අපි එන්නෙ පූස් පරම්පරාවෙන් මිස මාලු පරම්පරාවෙන් නෙවෙයි. වෙන මොන ජගතෙකුටවත් බෑ අපේ පරම්පරාවෙ එවුන් තරම් හොඳට නිදාගන්න හුම්! සීජිප්තුවේ බැචස්- ආ නෑ වැරදුණා පොඩ්ඩක්- ඊජිප්තුවේ බැස්ට් පූස් දෙවඟනගෙ ආශිර්වාදෙන් අපේ පරම්පරාවට උරුම වුණ දෙයක් මේ නින්ද කියන්නේ. ඒම අපහාෂ කරන්න එපා හරිතේ?" අර නිදිමත කටහඬ දැන්නම් නැත්තටම නැතිවෙලා ගිහින් වගේ පෙනුණේ ඒ කට එකපාර කැඩුණ වක්කඩේ වගේ කියවන්න පටන් ගත්ත නිසා.
"පූසොන්ට වඩා හාවො හුරතල්." කාගෙදෝ මයික් එකකින් එහෙම කියවෙනවා සියුස් අහගෙන. නම හරියට බලාගන්න බැරිවුණත් තඩි බේස් ඩ්‍රම් එකකට තඩිබානවා වගේ කටහඬක් තියෙන්නේ අර පොඩි කොල්ලා ටේහ්‍යුන්ග්ට විතරයි කියලා නාකි සියුස්ට දිව්රන්න වුණත් පුළුවන්කම තිබුණා.
"ඔය කියපු එකා කවුරු වුණත්, මං නම් කියන්නේ, ඇඟ පුරා හිල් තියෙන හාවෙක් වුණත් පිටේ කුඩයක් ගැටගහගෙන යන එක තමයි හොඳ. මොකද කිව්වොත් බෙල්ලෙන් උඩ තියෙන හිල් ගොඩේ හැටියට ඒ හා ඔලුව වික්ටෝරියා ජලාශෙ වාන් දානවා වගේ භයානක තත්වෙකට එන්න පුළුවන් වැස්ස දවසක තෙමුණොත් එහෙම. නැද්ද මං කියන්නේ?" දැන් ආපහු කටට පණ ටිකක් ඇවිත් හිටපු ජිමින් පැහැදිලි කළේ ගොඩක් බැරෑරුම් විදිහට.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/289827490-288-k18726.jpg)
YOU ARE READING
ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎
Fanfictionඔලිම්පියානු දෙවිවරු සැට් එකගෙ නම්බුව හේදිලා යන්න පටන් ගත්තෙ අලුත් දෙවිවරු හත් දෙනෙක් දක්ෂිණායනයට ආපු දවසෙයි! එන්න, බූසාන්වල සෝල් සරසවිය ගාව ඉඳන් එක පාර ඔලිම්පස් මීටිමෙන් මතුවුණ නසරාණි කොල්ලො මීටිම විනාස කරපු හැටි දැනගන්න! අපහාසයට නොව හුදෙක් උපහාසයටම...