නෑ නෑ ඒක වෙන්න බෑ!!! 🙄😂 (Last)

201 48 48
                                    

සියුස් මෙහෙම තමන්ගෙ දේව මණ්ඩලේ කෙලගන්න හැටි බලන් ඉන්න අතරෙම වැටුනෙ ලොකු අමාරුවක.

කොටින්ම කිව්වොත් එක පාරම කොහෙන්දෝ ඇහුණ ලොකු කෑගැහිල්ලක් නිසා සියුස් ආයෙ පාරක් පුටුව අතෑරලා බිම සිපගත්තා. ඒක ඇහුනෙ මීටිමෙන්ද කියලා සියුස් තහවුරු කරගන්න බැලුවත් හැම දෙයියම, ඔව් අලුත් දෙයියෝ පවා හිටියෙ කොන්පියුස් උන්ගා බුන්ගා සීන් එකේ.

ඇත්තමයි ඇෆ්‍රොඩයිට්ගෙ සිසිවන වුවනත් තැලිච්ච මිදි ගෙඩියක් වගේ වෙලා තිබුනෙ ඒ කෑගැහිල්ල ඇහුනෙ සියුස්ට විතරක් නෙවේ කියලා ඔප්පු කරමින්.

"සෙකටරි කෙල්ලෙ, මොකද්ද ඔය?" සියුස් කෑ ගැහුවත් ආපහු උත්තරයක්නම් හම්බුනේ නෑ.

"එස්කියුස්මී සියුස් සීයෙ- නෑ මං කිව්වෙ දෙයියො," නංජූන් දෙයියා පලපුරුදු කාරයා වගේ හඬ අවදි කරේ එයාට යමක් තමන්ගෙ සෙම්සි බ්‍රේන් එකට දැනුණු නිසා. "මං හිතන්නෙ ඒ යකෙක් මුලිච්චි වුනා වගේ කෑ ගැහුවෙ ඔයැයිගෙ සෙකටරි තමා!"

එතකොට තමා සියුස්ට හරිම සීන් කෝන් එක මීටර් වුනේ.

"මල හත්තිලව්වයි!" කියලා කෑ ගහපු සියුස් අර ⁣බෙරිහන් දීම ඇහුණ දිහාවට දඩිබිඩියෙ දුවන්න හැදුවත් හිටපු තැනම පොර ගල් ගැහුනෙ දැකපු දේත් එක්ක.

"බුදාම්මෝ මකුළුවෙක්!" ඒ අස්සෙ කෑ ගැහුවෙ ඇපොලොගෙ කරට අතකුත් දාන් කැකිරි පල පල හිටපු ජිමින්ස්සි තමා.

"ඉතින් මොන හයැසින්ත් මලකටද මකුළුවෙක්ට ඔච්චර බෙරිහන් දෙන්නෙ?" තමන්ගෙ අලුත්ම ඔලිම්පියන්ග්‍රෑම් පෝස්ට් එක අප්ලෝඩ් කරන සිහියෙන් හිටපු ඇපොලෝ ඉස්සරහෙන් පේන වීඩියෝ එකේ වෙලා තියෙන සන්තෑසිය ඒ වෙනකොටත් දැකලා තිබ්බෙ නෑ.

ජිමින්ගෙන් වැදිච්ච තඩි ටොක්කත් එක්ක ඉර දෙයියා ඒ දිහා බලලා එහෙම්මම බිම ඉඳගත්තා නෙවෙයි ඉඳගැස්සුණා.

"මට පේන්නෙ මේ පාරනම් අර ඔලුව ඉදිමිච්ච එකී ලොකු ප්‍රශ්නයක් දාගෙන වගේ" කියලා ඒ අස්සෙ හේරාත් ගිනි ගෙඩි දෙන්න පටන් අරන්.

"ඒ නිසා වෙන්න ඕනි අර තඩිම තඩි මකුළුවා සියුස් තාත්තව මරන් කන්න හදන්නෙ." ඒරීස් කිසි ගාණක් නැතුව කියලා දැම්මෙ ඊට පස්සෙ ඔටුන්න එයාගෙ නිසා හිතෙන් කුරිරු ප්ලෑන් ගොඩකුත් ගහන ගමන්.

🎉 You've finished reading ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎ 🎉
ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now