පවුල් අවුල්...🙄😂

358 95 63
                                    

"‌ඇපොලෝ ලොකු අයියේ!" නිදාගෙන හිටපු යූන්ගියාවත් උඩයවලා ආයෙමත් පාරක් රැස්වීම් සභිකයන්ගේ මොළ ගෙඩිත් බිම වද්දන්න සලස්වමින් කොහෙන්දෝ ඇහුණේ හුරු පුරුදු නැති ටකරම් වොයිස් එකක්. ඒක කලින් ඇහුණ ජින් ගෙ ටකරම් වොයිස් එකට දෙවනි නොවෙන කටහඬක් කියලනම් හැමෝටම තේරුණා.

"හත්තික්කේ මගෙ රත්තරං පශ්චාත් භාගය" ඇපොලෝත් අනිත් අය වගේම භූමි වන්දනාව කරලා කියන එක තහවුරු කරන ගමන්ම තමන්ගේ කටහඬ අවදි කළා. "මොනා වුණත් අඩු වයසින් අයියා කෙනෙක් වෙන්න වෙයි කියලා හිතුවෙ නෑ හැබැයි."

"මේ ඇපොලෝ, අමතකද, ඔයා ආර්ටෙමිස්ගෙ අයියා කියලා? මං කිව්වේ මේ ඔයා කියන විදිහටනම්?" ජිමින් රහසින් මුමුණනවත් හැමෝම අහගෙන.

"හරි හරි ඉතින් ඔය කොච්චර කිව්වත් එයා මගෙ නංගිවත් මං එයාගෙ අයියවත් නෙවෙයිනේ. අපි නිවුන්නු. හෙ හේ ඔිවා ප්‍රශ්න කරගන්න එපා මිත්‍රයා." ඇපොලෝත් රහසින්ම කියලා දැම්මේ තමන්ගෙ මයික් එක ඔන් වෙලා කියලා දන්නැතුව වෙන්න ඇති.

මේ දෙන්නා සංවරයක් නැතුව හැසිරෙන විදිහ බලාගෙන ඉන්න බැරිම තැන හේරා තමන්ගේ දිව්‍යමය වදන් ආරම්භ කරන්න ගියත් ආයෙත් අර ටකරම මැදින් පැන්නා.

"ලොකු ඇපොලෝ අයියේ! ඇයි ඔයා මට බූට් එක තියලා අර ‌උස අඩු ජිමිනව මීටිමට එක්කන් ආවේ? මං හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියලා. දැන්නම් මට හාට් ඇටෑක් වගේ. මාව හොස්පිටල් එකකට ගිහින් දාන්න අයියෝ...."

දාහට අරන් සීයට දුන්නා වගේ ඒ වොයිස් එක තමන්ගෙ දුක කියනකොට සියුස්ගෙ පඬුපුල් ආසනේ උණු වුණේ නැත්තේ ඇයි කියන එක බරපතල ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ කියන්නේ ඒ ටකරම් වොයිස් එකේ අයිතිකාරයා තාමත් කරලියට ආපු නැති එක.

"ඊයේ කාපු ජම්බු ගෙඩියේ හිටපු පණුවා පල්ලා හොඳ වෙලාවට ආටි අක්කා හිටියේ. නැත්තං එහෙම මාව කැපිලම යනවා හුම්... ආටි අක්කේ ආදරෙයි අහස තරම් ඈ" ඒ පාර ඒ ටකරම් කට පොඩ්ඩක් සන්සුන් වෙලා හැඟුම්බර වෙලා තිබුණේ ආර්ටෙමිස්ට ආදරේ පුද කරන්න වෙන්න ඇති.

"හත්තික්කේ! ලොකු නැන්දගෙ මල්ලිගෙ පුංවිගෙ ලොකු පුතාගෙ පුතා නේද මේ? හයැසින්ත් පල්ලා මට මේකව අමතක වුණේ කොහොමද?"

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now