හයිකු...🙄😂

532 143 62
                                    

"බොහොම හොඳයි. ඔය ළමයට සෑහෙන හොඳ පඩියක් හම්බෙනවා වගේ. එහෙනම් ඇයි මේ දේව රස්සාවකට එන්න හිතුනේ? රස්සාවල් තුනක් ඔය ළමයට වැඩි නැද්ද?" සියුස් ජන්ග්කුක්ගෙන් ඇහුවේ තාම හරියට ‌රටේ ලෝකේ සමාජ තත්වේ ගැන දන්නැතුව වගේ.

"දැන් කාලේ කොහොමද සර් එක රස්සාවකින් ජීවත් වෙන්නේ? මං කියන්නේ දැන් දෙවියෙක්ට වුණත් ජීවිතේ ගැටගහගන්න අමාරුයි. ‌පේන්නැද්ද අර බදාම තට්ටුවක් දාන් ඉන්න එක්කෙනා වැලපෙන හැටි." ඒක කිව්වේ ඇෆ්‍රොඩයිට්ට වෙන්නැති කියලා සියුස්ගේ සුට්ටං මොළේට තේරුම්ගන්න පුළුවන් වුණා. 

"ඒයි!" ටිකක් වෙලා මීක් සද්දයක් නැතුව තිබුණ මීටිම එක පාරම ඝෝෂාවෙන් පිරිලා ගියේ එකපාරම ඇෆ්‍රොඩයිට්ගේ කටහට බෙරිහන් දෙන්න ගත්තු නිසා. ඒක අර සෝස් පෑන් කොල්ලගේ කටහඬටත් වඩා සෑහෙන්න සද්දයි.

"ඒයි, කම්බි කොලුවා! තමුන් මටද බදාම තට්ටුව කිව්වේ? ආ?" ඇෆ්‍රොඩයිට් කැමරාව හරහා වුණත් ජන්ග්කුක් දිහා බලලා ලස්සනට රැව්වා.

"තොප්පිය හරිනම් අරන් හැඩ බලලා දාගන්න. මට මොකෝ." ජන්ග්කුක් දෙයියා කිව්වේ මෙලෝ රහක් නැති විදිහට.

"තමුන්ට මම!" ඒරිස් එයා ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිට්ටේ ජන්ග්කුක්ව අළු කරලා දාන්න වෙන්නැති කියලා සියුස් හිතුවා වුණත් කියන්න ගියේ නැත්තේ අනවශ්‍ය ප්‍රශ්න මෙතනට අත්‍යවශ්‍ය- නෑ මං මේ කිව්වේ අනවශ්‍ය නිසා. ඒත් ඉතින් ඉන්නන් වාලේ ඉන්න බැරි අපේ ඩයනයිසියස් දෙයියගේ වක්කඩක් වගේ කට ක්ෂණයකින් ඇරුණා.

"ඒයි, වල් ඌරා, තමුන් මොකටද අනුන්ගේ බිරින්දෑවරු ගැන වද වෙන්නේ? ආ? දැන්වත් කසාදයක් කරගත්තනම් නරකද? මේ මනුස්සයාට- නෑ දෙවියට තනිකං දෝසෙද කොහෙද!" වයින්කාරයා පුළුවන් උපරිම හොඳම වචන ටිකෙන් ඒරීස්ට දමලා ගැහුවා. "මේ, සියුස් තාත්තේ, අපිට ‌කොහෙන්වත් හොඳ මඟ්‍රලක් හොයාගන්න බැරි වෙයිද මේ අසරණයට? මොනා වුණත් මගේ ආදරණීය සහෝ නේ. අනිත් අතට දැන් කලවයසත් හරි. අවුරුදු පන්දාහකටත් වැඩියිනේ දැන්. අපිත් අනුකම්පා කරන්න එපැයි ඉතිම්."

"ඒයි!" ඒරිස් රවලා ගස්සලා ඉඳගත්තා. ඒත්, අවාසනාවට ඒ ගස්සපු ගැස්සිල්ලේ බලේ කොච්චරද කියනවනම් පුටුව ටිකක් නෙවෙයි ගොඩක් අහකට තල්ලු වෙලා.  ඒරීස් හිටියේ දරාගත නොහැකිව බිම ඉන්දවුණේය සීන් එකේ. කොහොමත් බිම වැටිලා හිටපු නිසා අමුතුවෙන් ඉන්දෙන්න දෙයක් තිබුණේත් නෑ. 

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now