"අහෙම් අහෙම්!" ටේහ්‍යුන්ග් එයාගෙ ඉන්ටොඩක්සන් එක ඉවර කරනකොටම මීටින් එකේ හිටපු තව කෙනෙක්ගේ මයික් එක ඔන් වෙලා බෙරිහන් දුන්නා. හැමෝගෙම අවධානෙ ඒ පැත්තට යොමු වුණාම ඒ හැමෝම දැක්කේ ඒ කතා කරපු මනුස්සයා ගේ නම-
"abcdefghi__lmnopqrstuvwxyz"
"හෑ?" සියුස් දෙයියගෙ කට බාගෙට නෙවෙයි සම්පූර්ණෙන්ම ඇරුණා කිව්වොත් හරි.
"මේ, ඔය ඇත්ත කවුද කියලා කියනවද? අපේ දේව ලැයිස්තුවේ ඔච්චර දිග නමක් තියෙන කෙනෙක් නම් නෑ." නහය දිගේ රූටලා ආපු බාල වර්ගේ කණ්නාඩි කුට්ටම ආයෙත් නහය උඩට ගන්න ගමන් සියුස් කිව්වා.
"කවුද යකෝ අපිට ඉංග්‍රීසි උගන්නන්න හදන්නේ" ඔය ඩයනයිසියස් බඩ අල්ලන් හිනාවෙන ගමන් කිව්වේ මීටිම දෙවනත් කරමින්.
"ආශ්! ඔයාලා මාව දන්නේ නැද්ද අනේ? මං හිතුවේ ඔයාලා මාව දන්නවා ඇති කියලා. ඇයි සර්, මේකනේ මගේ ඔලිම්පියන්ග්රෑම් යූසර්නේම් එක." ඒ කෙනා තාලෙට කිව්වේ ඇෆ්‍රොඩයිට්ව මේ පාරනම් කටහඬ විතරක් අහලා වශී කරවන තරම් ලස්සනට.
"ආ..." අන්න ඒ වෙලාවේ තමයි සියුස්ගේ නාකි මොළේ එකපාරම අප්ග්‍රේඩ් වෙලා ආවේ. ඔය යූසර්නේම් එක පහුගිය දවස්වල ඔලිම්පියන් ප්‍රජාව අතර හරියට ප්‍රචලිත වුණ මාතෘකාවක්.
"හරි හරි... මේ අර අපේ හා කොල්ලා නේද? සමා වෙන්න ඉතිම් පොඩ්ඩක් විතර වයසයිනේ දැන්."
"ඔව් හොඳ පොඩ්ඩ" හේරා මිමිණුවා.
"මොනාහරි කිව්වද?" සියුස් ඇහුවේ හේරාගේ වීඩියෝ එක දිහාට හොඳට එබිලා බලන ගමන්. ඒත් කණගාටුවට කාරණේ තමයි සියුස්ට ඒක දිහා බලපු සැණින්ම අහක බලාගන්න සිද්ධවුණු එක. මොකද ඒ වෙලාවේ හේරාගේ මූණේ තිබුණ බැල්මට දෙවි කෙනෙක් වුණත් අළු කරලා දාන්න ලොකු අමාරුවක් නෑ.
"ආ නෑ. අපි ඒක අතෑරලා දාමු." සියුස් අහක බලාගෙන කිව්වේ මීටිම ඉවර වුණායින් පස්සේ හේරාගේ මිහිරි වචන වලින් කන් දෙක අගුලු වට්ටගන්න උවමනාවක් නැති නිසා.
"හරි. දැන් ඔය ළමයා ගැන කතා කරමු. " සියුස් ශේප් එකේ අර කොල්ලා පැත්තට හැරුණා.
"මං කැමරාව ඔන් කරන්න ඔිනෙද?" එයා එහෙම ඇහුවේ ඇයි කියලා සියුස්ට හිතාගන්න බැරුවයි හිටියේ. අනිත් අලුත් පොරවල් ඔිනෙවත් වඩා කලින් කැමරාව ඔන් කරලා නටන්න පුළුවන් හැම නාඩගමක්ම නැටුවට පස්සෙත් මේ කොල්ලා මෙච්චර ආචාරශීලී විදිහට අහන්නේ මේ ළමයා හොඳ හැදිච්චකමක් තියෙන ළමයෙක් නිසා වෙන්නැති කියලා තමයි සියුස්ට හිතාගන්න පුළුවන් වුණේ.
YOU ARE READING
ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎
Fanfictionඔලිම්පියානු දෙවිවරු සැට් එකගෙ නම්බුව හේදිලා යන්න පටන් ගත්තෙ අලුත් දෙවිවරු හත් දෙනෙක් දක්ෂිණායනයට ආපු දවසෙයි! එන්න, බූසාන්වල සෝල් සරසවිය ගාව ඉඳන් එක පාර ඔලිම්පස් මීටිමෙන් මතුවුණ නසරාණි කොල්ලො මීටිම විනාස කරපු හැටි දැනගන්න! අපහාසයට නොව හුදෙක් උපහාසයටම...