නම්බුව කෙලෙසීම අල්ට්‍රා ප්‍රෝ මැක්ස්...🙄😂

467 126 240
                                    

"අද දිනයේ අපගේ ගීත රසවිඳි ඔබ සැමට ස්තූතියි. ඔබේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න." ඇපොලෝ එහෙම කිව්වවත් ජිමින් හැර මීටිමේ හිටපු වෙන කිසි කෙනෙක්ට ඒක ඇහුනේ නැත්තේ හැමෝම ඒ වනෙකොට තම තමන්ගෙ පුටුවලට වෙලා හොඳ නින්දක හිටපු නිසා. අර දෙන්නා හයිකු කවි කියවන්න පටන් අරන් විනාඩි පහක් යන්නත් කලින් සියුස්කාරයා නිදි. අනිත් අයත් ටිකෙන් ටික ගොරවන්න ගත්තේ වෙන කරන්න දෙයක් නැති කමට. 

"ඔියි තාත්තේ!" කාගෙදෝ ලස්සන ආමන්ත්‍රණයකට සියුස් පුටුවෙන් උඩ විසිවෙද්දී පැයක් විතර හොඳට නිදාගෙන හිටපු අනිත් දේව සැට් එක ඈනුම් ඇර ඇර ඇහැරුණේ මේ මොන විකාරයක්ද කියලා අන්දබූත වෙලා බලාගෙන.

සියුස් නිකන් ක්ෂීරපථෙන් පොළවට ගොඩබැහැපු පිටසක්වළයෙක් වගේ ටිකක් වෙලා බලාගෙන හිටියා. "ආ කමක් නෑ!" උරහිස් දෙකත් හොල්ලන ගමන් එයා කිව්වේ වෙලා තියෙන දේ තේරුණ නිසා. 

හොඳ වෙලාවට අනිත් ඈයොත් නිදාගෙන හිටියේ. නැත්තං එහෙම හේරාගේ, ඇෆ්‍රොඩයිට්ගේ, ඒරීස්කාකාරයා නම්බුව ලෙප්ට් වුණා වගේම එයාටත් වෙන්නේ ඇඳන් ඉන්න රාජකීය වස්තරේ පිටින්ම නව නිග්‍රහවලට ලක් වෙන්න කියලා සියුස්ගේ නාකි මොළේට නොතේරුණාමත් නෙවෙයි.

"අහෙම්!" එයා උගුර හොඳට පෑදුවා. "මං හිතන්නේ-"

"මං හිතන්නේ අපි තව එක හයිකු කවියක් කියලා ඉන්න එක හොඳයි වගේ. නේද ජිමිනො?" සියුස්ගෙ ඉස්සරහා තිබුණ ගෝත ෆෝන් ස්ක්‍රීන් එකෙන් ඇපොලොයි ජිමිනුයි කරට කර අත දාගෙන තව කවියකට ලෑස්ති වෙනවා දැකපු සියුස්ගේ ඇස් දෙක ලොකු ඩ්‍රච්මා කාසි දෙකක් විතර ලොකු වුණේ ඊළඟට විශාල ශබ්දයක් ඇසෙන්න ඉඩ ඇති බව තහවුරු කරමින්!

"ඔබේ-" ඇපොලෝ කට ඇරියත් කවුදෝ කෙනෙක්ව එක පාර දැකලා වගේ බයවුණ ඇපොලෝ තමන්ගේ මරියානා ආගාධෙ වගේ කට වහගත්තා.

"ඇයි ඇපොලෝ සහෝ නැවැත්තුවේ? අපි කියමුකෝ. ඔබේ- ඔබේ- ඔ-ඔ- හී" ආයෙත් කවිය කියන්න කට ඇරපු ජිමිනාත් ඇපොලෝ වැලමිටෙන් ඇනලා ඔලුවෙන් පෙන්නපු දෙයක් නිසා කියන්න ගියපු වචන ටික හිර කරගෙන කුපාඩි හිනාවක් දැම්මේ බයේ වෙවුලන ගමන්.

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Où les histoires vivent. Découvrez maintenant