home 🏡

830 102 2
                                    

⚘Yoohi
🏵Gayo
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆

'' ගායෝන් ඔයා හොදින් ද.. ඔයාට ප්‍රශ්නයක් ද ''
මං එලියට එද්දි වොන් ඒ කියන්නෙ අද ශූට් එකේ මගෙ partner ඇවිත් අතින් අල්ලලා එහෙම ඇහුවා.

🏵'' මම හොදින්.. අපි පටන් ගමු වොන්... ''
මං අත ඇරල එතනින් එහාට ගියා.

ඒ ශූට් එක ඉවර කරල මම ගෙදර යන්න ලෑස්ති උනා. වොන් එක්කන් යන්නද කියල ඇහුවත් මම එපා කියලා බස් හෝල්ට් එකට ගියා. එතකොටම මට කෝල් එකක් ආවා යූහිගෙන්. යූහි පොඩි කාලෙ ඉඳන් මගෙ යාලුවා. ඒත් මම මැරි කරපු නිසයි ශූටින් එක්කයි බිසී උන නිසා අපිව නිතරම හම්බ උනේ නෑ.

🏵'' යූහියා.. මොකද කරන්නෙ... ''

⚘'' මුකුත් නෑ.. ඒක නෙමේ ඔයා වැඩක් කරන ගමන් ද එහෙනම් මං පස්සෙ ගන්නං ''

🏵'' නෑ මං මේ ගෙදර යන ගමන්.. ''

⚘'' ආ.. ඒක නෙමේ මේ.. ගායෝන් හෙට මං ඔයාගෙ ශූට් එක බලන්න එනවා.. මං ඒක කියන්න ගත්තෙ. මේ කවුරු හරි ගෙදරට ආවා මං යනවා. හෙට හම්බවෙමු... පරිස්සමට යන්න ''

🏵'' හරි ''

ටේ ඔප්ප ගෙදර ආවද දන්නෙ නෑ. හයත් පහු වෙලා..
.
.
.
.
Yoohi POV

මම  ජන්කුක්ගෙ ගෙදරට ආවත්... ජන්කුක් එන්නෙ නෑ කිව්වා. ඒත් ඇයි දන්නෙ නෑ. මැනේජර් ලී ආයෙ බූසාන් ගියා අප්පා කතා කරපු නිසා. ගෙදර වැඩ කරන කෙනෙක් හිටියා. මං හිතන්නෙ ඒ බම්බම් බලාගන්න කෙනා. මං එයාවත් බලල පහලට ගියා
මම ගායෝන්ට කතා කරනකොට කවුරු හරි ආවා. මං පහලට ගිහිල්ල දොර ඇරියා.
ජන්කුක් ඇවිත්...

🐰'' මීට පස්සෙ මම එනකොට දොර ඇරලම තියන්න..😒 ''
මෙයාට බැරිද දන්නෙ නෑ දොර ඇරගෙනම එන්න.. එතකොට හරි නේ..

⚘'' හ්ම් හරි.. ''

කෑම කන්න පහලට ආවාම ජන්කුක්ට අරක ගැනත් කියනව. නැත්නම් හෙට මම නෑ කියලා දැන ගත්තොත් යකා නටයි.
ඒත් එන්නෙ නෑ කියල කිව්ව කෙනා ආවෙ ඇයි දන්නෙ නෑ🤔. ජන්කුක්ට නිකමට හිතුන ද දන්නෙ නෑ මාව මෙහෙම ගෙදර තනියම තියන්න බෑ කියල. සෝවූ ඔන්නි මං ගැන මොනව හරි කිව්ව ද දන්නෙත් නෑ.
.
.
.
මේ ගෙදර එක බඩුවක් වත් නෑ. රාමන් එකක් හදන්න වෙන්නෙ. හෙට market එකටත් යනවා ඕන කරන බඩු ටික ගන්න. ජන්කුක් ටිකකින් පහලට ආවා. එයා කෑම කාලා ගිහිල්ල TV එක බලන්න ගත්තා. මං කිචන් එක අස් කරල ජන්කුක්ගෙ ඉස්සරහින් ඉදගත්තා.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now