-3-

703 204 10
                                    

" ආයි කුකී.......... "
යුන්ගි බිම වාඩිවෙලා එයාගේ පස්ස අතගානගමන් ජන්කුක් දිහා ඇස් ලොකු කරලා බැලුවා.

බංකුව උඩට කකුල් දෙකත් අරන් ජන්කුක් අනෙක් පැත්ත හැරුනා. ජන්කුක්ගේ බූල් බූල් නැට්ට කෙලින් වෙලා තියෙන විදියට යුන්ගිට තෙරුනා එයා ඉන්නේ තරහින් කියලා.

" සොරි කුකී , කෝ එන්නකෝ. "
යුන්ගි ජන්කුක්ගේ  පිටිපස්සෙන් එයාගේ උරිස්සෙන් ඔලුව තියලා ඉනවටේ අතදැම්මා.

" තරහද "
යුන්ගි ජන්කුක්ගේ කනට කරලා ඇහුවා. 

ජන්කුක් ඔලුව වනනවා.

" යාලුවෙන්න මොනාද ඕන "
යුන්ගි හිනාවෙනවා.

" උම්මා එකක් ඕන "
ජන්කුක් එයාගේ කම්මුල් රතුකරන් යුන්ගි දිහා බැලුවා.

යුන්ගි ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන්  තදකරලා පුංචි මාලු පැටියෙක් වගේ බලන් ඉන්න ජන්කුක්ගේ තොල් සිපගත්තා.

" යුන්ගි අපි අර මනුස්සයට උදව් කරමුද "
ජන්කුක් යුන්ගිගේ ඔඩොක්කුවෙන් වාඩිවෙලා බෙල්ලවටේ අත් දාගෙන ඉන්නවා.

" මට නිදිමතයි , අනික අපිට බෑ එයාට පාට්නර් කෙනෙක් හොයන්න "
යුන්ගි ජන්කුක්ගේ පපුවට හේත්තු වුනා.

" නෑ පුලුවන් අනේ...... "

" ඕන ඔට්ටුවක් ඕක හරියන්නෑ "
යුන්ගි කටකොනින් හිනවුනා.

" හරි , එකගයි. එයාට පාට්නර් කෙනෙක් හම්මුනොත් ඔයා මාත් එක්ක බාල් නැටුමට එනවා "

" හ්ම් , ඔයාගේ කැමැත්තක් "
යුන්ගි ආයෙත් ජන්කුක්ගේ තොල් වලට හාදුවක් දුන්නා. එකපාරම නැගිටපු ජන්කුක් යුන්ගිව ඇදන් දුවන්න ගත්තා.

" යමු යමු "

දෙන්නත් එක්ක මහපාරට ආවේ ටේව හොයන්න.

" අර ඉන්නේ "
යුන්ගි එයාගේ හැට් එක අස්සෙන් බලාගෙන කිව්වා.

දැන් යුන්කුක් දෙන්නා ඉන්නේ ටේට අඩියක් විතර පිටිපස්සෙන් හිමින් ඇවිදින ගමන් ,

ටේ බිම බලාගෙන හිමින් ඇවිදිනවා.

" ඔහ්......... "
ජන්කුක්ගේ කටින් ඉබේම පිටවුනේ ටේ බිම බලාගෙන ගිහින් කාගෙදෝ ඇගෙ හැප්පුන නිසා.

" අනේ සමාවෙන්න , මං ......... මං ........ දැක්කේ නෑ "
ටේගේ කටහඩ හිමින් හිමින් බාලවෙලා එයා ඇගෙ හැප්පුන මනුස්සයා දිහා එකදිගට බලන් හිටියා..

" බලන්නකෝ කුකී , අර මනුස්සයා ඇගේ හැප්පුන කෙනා දිහා කන්න වගේ බලන් ඉන්නවනේ "
යුන්ගි ඇස් පොඩිකරගෙන කිව්වා.

" තෙරෙන්නේ නැද්ද , මගේ මෝඩ අලේ , එයා එයාට කැමතියි. "
ජන්කුක් හිමින් උඩපනින ගමන් කිව්වා.












අ............. තව කොටස් දෙකක් විතර ලියලා තියෙන්නේ හෙට දෙන්නද 🙃

Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now