-9-

575 181 13
                                    

ජන්කුක් වටපිට බලන කොට දැක්කා ගලකුත් අතේ තියන් කපල් එකක් දිහා බලන් ඉන්න ටේව.

" කූ බබා........ මෙන්න "
යුන්ගි දූවන් ඇවිත් ජන්කුක් ඉස්සරහින් හිටගත්තේ රෝස මල් පොකුරකුත් අරන්  .

යුන්ගි දැක්කා ලස්සන ලී කරත්තයක එක එක පාට පාට මල් තියාගෙන විකුනනවා. ඒකදැක්කම යුන්ගිට ආස හිතුනා මල් පොකුරක් අරන් ජන්කුක්ට දෙන්න. ඉතින් එයා දූවලා ගියේ එයාගේ කූ බබාට මල් පොකුරක් ගන්න.

" හානේ සෝස මල් "
ජන්කුක් මල් පොකුරත් අරන් ටේ දිහාවට දූවන්න ගත්තා.

" අයියෝ නෑ කුකී , මං ඕවා ගත්තේ ඔයාට කූ බබා...... "
යුන්ගී කෑගහගෙන ජන්කුක් පස්සෙන් දුවනවා.

විමින් යාලුවෙනකොට යුන්ගි යහතින් හිටියොත් හොදයි. 🙃

" මේ මේ හියුන්ග්  "
ජන්කුක් ගිහින් ටේගේ ඇදුමෙන් ඇදලා කතාකලා.

" ඔහ්........ බට්ටෝ , ඇයි "
ටේ අතේ තියන ගල පැත්තකින් තියලා එයා දිහා බලන් ඉන්න අවුරුදු දාහතක විතර බටු ඇටේ දිහා බැලුවා.

" ආ..."
ජන්කුක් මල් පොකුර ටේට දික් කලා

"  නෑ නෑ , මේ කාලෙදි ඉගෙන ගන්න ඕන වයසේ වැරැද්දට එක එක දෙවල් ඔලුවට එනවා . ඒවුනාට ඉගෙනීම අංක එකට තියලා හොද ළමයෙ..... ආයියා........"
ටේගේ දේශනය මදකට නතරවුනේ ජන්කුක් හයියෙන් ටේගේ කකුල පාගපු නිසා.

"විකාරද , ඔයා කොෆි ශොප් එකේ කතා කර හිටපු කියුට් බොයි අතන අඩනවා. මේක එයාට දිලා එයාගේ ප්‍රශ්නේ අහන්න "
ජන්කුක් ඒක කියලා ආයේ යුන්ගිව හොයන් දිව්වා.

මොකද්ද වුනේ කියලා කල්පනා කරනගමන් ජන්කුක් පගපූ කකුල කූන්........ ගානවා දැනුනා.

ඊටපස්සේ ජන්කුක් කිව්ව විදියට ටේ පොකුණ ලගට ගියා.









තුන්වනි අප්ඩෙට් එක ද කොහෙද.........

Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now