-11-

594 182 23
                                    

" මේ කොහෙද "
ටේ අත් දෙක ඉනෙන් තියාගෙන ගේ දිහා බලන් හිටියා.

" මේ තමා අර සැවුලාගේ ගෙදර "
ජිමින් කිව්වේ ගෙදරට ඔරවන ගමන්

" එයාට රැවුලක්  තිබුනේ නෑනේ "
ටේ කල්පනා කරන්න ගත්තේ යොන්සෙන්ගේ රැවුල තිබ්බේ කොහෙද කියලා

" ඒ සැවුලා,නෙමේ අනිත් සැවුලා. "

" ආහ්........කුකුලා "
ටේ හිනා වෙන ගමන් අත් දෙක නවලා කුකුලෙක් පිහාටු දෙක වනනවා වගේ අත් දෙක වැනුවා.

ඔය අතරේ ජිමින් දෙකට නැවිගෙන ඇවිදිනවා. එයා තාත්විකව සැවුලට රගපානවනේ. මං හිතන්නේ උදේට කන්න චුටි පනු පැටව් හොයනවා.

ටේ එහෙම හිත හිත ඉන්නකොට ජිමින් උස්සලා ගත්ත ගල් භාගය උඩීන් විසිකලා. හරියටම යොන්සෙන්ගේ ජනේලය කඩාගෙන ඇතුලට ගියා.

ඒපාරනම් ටේ බය වුනා. ජිමින් මොකද්ද ඒ කලේ. ඔන්න ටිකකින් යොන්සෙන් කැඩුනු ජනේලෙන් එලියට ඔලුව දැම්මා.

" හප්පොච්චියේ ජිමින්  අර මනුස්සයගේ තට්ටෙ පලලනේ ඔයා "

ජිමින් චන්ඩියා වගේ හිටන් අර මනුස්සයට එයාගේ පුංචි හුරතල් රෝසපාට මැද ඇගිල්ල සාඩම්බරෙන් පෙන්නුවා.

හම්මේ චුට්ටන් බට්ටිති සෝස පාට ඇගිල්ලක් ටේට ජිමින්ව බදාගන්න හිතුනා.

" තමුසේ ඕන්නෑ . මට ඉන්නවා හැන්ඩ්සම් ලවර් කෙනෙක් "
ජිමින් එහෙම කෑගහන කොට ටේ වටපිට බැලුවේ ඒක කිව්වේ කාටද බලන්න.

අහලකවත් පාරේ මිනිහෙක් නෑ. අයිනේ පුංචි පූස් පැටව් දෙන්නෙක් නම් ඉන්නවා. ඒකියන්නේ ජිමින් ඒක කියලා තියෙන්නේ ටේට .

ටේ සතුටින් උඩ පැනලා ජිමින්ගේ ඉන වටේ අත දැම්මා.

" ඔව් ඔව් , චිප් චිප් බොයිලර් චිකමා "
ටේත් කෑගහනවා. 

ජිමින් ටේගේ කම්මුලට කිස් එකකුත් දුන්නා යොන්සෙන්ට පේන්න.  ඒපාරනම් ටේ ගල්වෙලා වගේ ජිමින් දිහා බැලුවා.

" ඔහොම බලලා වැඩේ අල කරන්නද යන්නේ "
ජිමින් තමන් දිහා කන්න වගේ බලන් ඉන්න ටෙගේ පස්ස කෙනිත්තුවා.






Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now