Chapter 2 🐺

1K 221 16
                                    

Soo Yun : (අපි ඊයෙ රෑ සැන් දියගෝ වල හොටෙල් එකක නැවතිලා අද උදේ ඔය කියන කැලෑබද පැත්තට ආව. එහෙට කියන්නෙ 'මේරි ලුසියානා' කියලලු. ගොඩක් දුෂ්කර පලාතක්. අපිට පොඩි ගෙදරක් හම්බුනා. ASO එකෙන් දීල තිබුණ. ඒක පොඩි උනාට ලස්සනයි සාමකාමී. මමයි ඈනුයි තව අපිව බලා ගන්න ආන්ටි කෙනෙක් හිටිය ජේනා කියල. මිස්ට ජෝන්ස් හිතනව ඇති අපි පොඩි උන් කියල 🤭)

(A/N : San diego මම ලියල තියනවට වඩා ගොඩක් දියුණුයි කතාවට නිසා ගම්බද ගතියක් දාල ලිව්ව. San diego වල දැන් කැලෑ නැති තරම්. ඒ උනාට කමක් නෑ මෙහෙම හිතාගන්න හොඳේ)

Anne : "Good Morning Soo..."

Soo Yun : (ඊයෙ රෑ අපි දෙන්නම තේරුම් ගත්ත අපි එකම ටයිප් එකේ පොරවල් කියල. ඒ හින්ද නමේ කෑල්ලකුයි Miss කෑල්ලයි කැපිල ගියා..)

Soo Yun : "Good morning anne.. අද මොනවද කරන්න තියෙන්නෙ?"

Anne : " යං ගම පැත්තෙ රවුමක් දාන්න. මිනිස්සුන්ගෙන් මොනව හරි දැනගන්න පුළුවන් වෙයි නෙ."

Soo Yun : "ඔව් නේ.. උදේට කාල යං. "

Anne : "මම අද උදෙන්ම ප්‍රොෆෙසර් අරීට කතා කළා."

Soo Yun : "එයා මොනවද කිව්වෙ?"

Anne : "දිගටම CCTV check කරනවලු. තාම අර සතා capture උනේ නැල්ලු. ඌව නම් කළා ලු DW1 කියල. මොන තරම් මෝඩ නමක්ද මං අහන්නෙ.."

Soo Yun : "Dire Wolf 1. වෙන නම් නැතුවට. කලින් සැරේ හම්බුන උරුලෑ ප්‍රභේදෙට නම දැම්මෙ 'S4' කියල."

Anne : "S4 කිව්වෙ?"

Soo Yun : "Stink 4."

Anne : "අම්මෝ අම්මෝ.. අරී මරුනෙ.."

Soo Yun : "මරු තමා.. හරි හරි මේ.. නවයට යන්න ඕනෙ හරිද?"

Anne : "හා.. යං කිචන් එකට."

දෙන්නම කුස්සියට ආව..

Soo Yun : "Good Morning ආන්ටි.."

Mrs. Jenna : "Good morning baby.. මම breakfast එක හැදුව. බේබිල කාල බලන්නකෝ.."

Anne : "ගොඩක් රසයි වගේ අනේ.. ආන්ටි කෑවද?"

Mrs. Jenna : "තාම නෑ බේබි. බේබිලා කන්නකෝ"

දෙන්නම උදේ කෑම කාල ගම පැත්තෙ ඇවිදින්න ගියා..

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now